සමගි ජන බලවේගයේ දේශපාලනය සමග එක් වූ චන්දිම වීරක්කොඩි මහතා සිය හබරාදුව පක්ෂ කාර්යාලයේ වැඩකටයුතු මහා සංඝරත්නයේ අනුශාසනා ඇතිව පසුගියදා විවෘත කෙරුනි.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පියසේන ගමගේ, විජේපාල හෙට්ටිආරච්චි, ජයන්ත ජයවීර, හබරාදුව ආසයේ හිටපු ප්‍රධාන සංවිධායක සුමනසිරි ලියනගේ, ගාල්ල ප්‍රධාන සංවිධායක රවී කලංසූරිය, රත්ගම ප්‍රධාන සංවිධායක පුෂ්ප කුමාර ද සොයිසා, නුවන් බාලගේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රෝහණ ප්‍රියන්ත, නිවුටන් පුංචිහේවා, රූපිකා ලියනගේ මහත්මිය සුසිල් කුමාර, උදය ශාන්ත, ඩල්සි ගීතිකා මහත්මිය උදාන කුසුම්සිරි මහතා ගාමිණී උපුල් ශාන්ත මහතා හබරාදුව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගීවිය.