සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගෑස් වල ප්‍රමිතිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා ප්‍රමිති ආයතනය ට අද (30) පැමිණියේ ය.

මිට දින කිහිපයක් තුල ප්‍රදේශ රැසකින් ගෑස් සිලින්ඩර් පිපිරීම් වාර්තා වුණ. අද දිනයේ දීත් ගෑස් සිලින්ඩර් පිපිරිම් 4ක් වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේ දීත් අවධාරණය කළ සිටියේය ය.

හෙක්ටර් අප්පුහාමි , ජේ.සී අලවතුවල , මුජිබර් රහුමාන් , සුජිත් සංජය හා දිලිප් වෙදආරච්චි යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමිති කාර්යාංශයට පැමිණියේය .

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා.

“පසුගිය දිනවල විශාල ගෑස් හිඟයක් රටේ මතු වුණා. පසුව  ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ආණ්ඩුව ගෑස් මිල ඉහළ  නැංගුවා. ගෑස් හිගයට පිළියම් ලබා දී ජනතාවට සහන ලබාදෙනවා වෙනුවට  අද ගෑස් ටැංකි වල සංයුතිය සම්බන්ධයෙන් ගැටලූ මතුවී තිබෙනවා. ගෑස් සිලින්ඩරය ඉක්මනින් අවසන් වන බවට ජනතාව චෝදනා නගනවා. අනිත් පැත්තෙන් රටේ තැන තැන ගෑස් සිලින්ඩර පුපුරා යනවා.

අපේ රටේ ජනතාවගෙන් සියයට හතළිහක් පමණ ගෑස් පරිභෝජනය කරනවා. මේ නිසා  අද ඒ ජනතාව සියලු දෙනා අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා.

ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ  සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසීමක් කළා. එහිදී ගෑස් ටැංකි වන සංයුතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අප ඉල්ලා සිටියා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර වෙළඳපොළෙන් ඉවත් කරන ලෙසත් අප ඉල්ලීමක් කර සිටියා. මේ රටේ ජනතාවගේ ආරක්ෂාවට ආණ්ඩුව බැඳී සිටිනවා. ජාතික ආරක්ෂාව සලසන බවට පම්පෝරි ගසා බලයට පත්වූ ආණ්ඩු යටතේ අද කුස්සිය  උයන පිහන කටයුතු කරන්නත් ජනතාව බය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා” යැයි ද ඔහු එහිදී පැවසීය.