පාර්ලිමේන්තුවට හෝ නොදන්වා, කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට පැවරීමට අදාලව අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුලු කණ්ඩායමක් අද මහ නාහිමිවරුන් හමුවීම සඳහා යාමට නියමිතව තිබෙනවා .

ආයෝජන ගෙනඑන බව පවසමින් වත්මන් ආණ්ඩුව රටේ වටිනා දේපල විදෙස් සමාගම්වලට විකුණමින් සිටින බවයි කිරිඇල්ල මහතා පවසන්නේ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබියදී පවා මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු නොකිරීම බරපතල ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.