කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබෙනවා ඒ වැඩි ඡන්ද 42 කින්.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 117 ක් හිමි වුණා.

සමගි ජනබලවේගය විසින් කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පසුගිය 19 වන දින විවාදයට ගැණුනු අතර එහි ඡන්ද විමසීම ඊයේ (20) සිදුකිරීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් එම විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කිරීමත් සමග ඡන්ද විමසීම අද දින සිදු කෙරෙනවා.

ඖෂධ වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිවත් සමගි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අතර එම විශ්වාසභංග යෝජනාවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පරාජයකරනු ලැබුවා.

බාල ඖෂධ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේද ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පරාජය කල පසුවයි.

කෙසේ වෙතත් මෙම විශ්වාසභංග විවාදයේදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ආණ්ඩු පක්ෂයේ ආර්ථික කමිටුවට සහ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමුටුවට විවෘත්ත විවාදයකට ආරාධනා කරනු ලැබුවා.