විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ මැතිවරණයකින් සමගි ජන බලවේගය බලය ලබාගැනීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යන්නේදැයි අවදානය යොමුකිරීමට බවයි එතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘ජනාධිපතිතුමනි ඔබතුමා තව කොච්චර කාලයක් ඉන්නවද කියලා අපිට කියන්න බෑ.. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ගැන අපිව දැනුවත් කරන්න.. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවකදී අපි මේ වැඩසටහන ඉස්සරහට අරන් යන්න තියෙනවා…’ යැයි කියාය.

මෙම අවස්ථාවේදී පිළිතුරු එකවරම නිසි පිළිතුරක් දිය නොහැකි වූ ජනාධිපතිවරයාගේ පිළිතුර වුයේ හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ලෙස කෙතරම් කාලයක් කටයුතු කරයිද යන්න නිශ්චිත නොමැති බවයි.

තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මේ පිළිබදව පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි.