වැරදී ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ රජය ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙනවා. එහිදී රජය පළමුවෙන්ම ආදායම අහිමි කරගත්තා. දෙවනුව ගජ මිතුරන්ට උදව් කරන්න ගිහින් හොරකමට, වංචාවට ඉඩ ලබා දුන්නා. එම නිසා පාරිභෝගිකයා ලොකු අපහසුතාවට මුහුණ දෙන්න සිදුවුනා. ඒ වගේම බඩු මිල ඉහළ දමා මුළු රටම පීඩනයකට පත් කළා.

අපි දන්නවා මේ වනවිට මූල්‍ය වංචා වංචාවල් රැසක් සිදුවෙලා තියෙනවා සීනි වංචාව ,පොල් තෙල් වංචාව , ඇන්ටිජෙන් වංචාව වැනි වංචා ගොඩක් සිදුවුනා. කෘෂිකර්මයට වැරදුනේ රසායනික පොහොර නතර කිරීම නිසා. එය සමගි ජන බලවේගය විදියට අපි නිවැරදිව අධ්‍යයනය කර තියෙනවා. රජය විනාශ කළ කෘෂිකර්මය නැවත නගා සිටුවන්නේ කියලා. වගේම අපේ රටේ ආහාර ආරක්ෂිත භාවය විතරක් නෙමෙයි අගය එකතු කරපු කෘෂි නිෂ්පාදන ද්‍රව්‍ය පිටරට වලට වැඩි වැඩියෙන් අපනයනය කළයුතුයි කියන ප්‍රතිපත්තියේ අපි සිටිනවා.

පසුගිය රජය කිලෝ 50 ක පොහොර බෑග් එකක් රුපියල් 1500 ට දුන්නා අද එය රුපියල් 8000 – 12000ත් අතර තමයි වෙළෙඳ පොළේ තියෙනවා නම් ගන්න ලැබෙන්නේ. රජයේ වැරදි ප්‍රතිපත්තිය රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම නිසා අස්වැන්නට ලොකු බලපෑමක් තියෙනවා. එහිදී එය පළමුවෙන්ම ගොවියට බලපානවා, දෙවනුවට පාරිභෝගිකයාට බලපානවා. ගොවියාට බලපාන නිසා අපි දැක්කා රජය ප්‍රකාශයක් කර තිබුණා රුපියල් බිලියන 40ක් ඒ කියන්නේ කෝටි 4000ක් රජය වන්දියක් හැටියට ලබා දෙන්න සුදානාම් කියලා.

එහිදී ඇතිවෙන ප්‍රශ්නය තමයි අයවැය ඉදිරිපත් කර සම්මත කරගෙන තවම මාසයක්වත් නැහැ එසේනම් කොහොමද එකපාරටම අයවැයෙන් පිට මේ වගේ ප්‍රකාශ කරන්නේ. කොහෙන්ද මේ සල්ලි එන්නේ. වන්දියක් ගෙවෙනවා නම් වරදක් සිදු වෙලා කියලා පිළිගැනීමක් තියෙනවා . ඒ කියන්නේ කොතන හරි කවුරු හරි වරදක් කරලා තියනවා. ඒ වරද තමායි රසායන පොහොර තහනම් කරලා සියළුම වගාව විනාශ කිරීම. එහිදී ඕන කෙනෙක් දන්නවා ඒකට වගකියන්න ඕන ආණ්ඩුව බව. නිවැරදි ක්‍රමවේදයකින්, සාධාරණ ක්‍රමවේදයකින් ,අධිකරණ ක්‍රමවේදයකින්, ඒ වරද කරපු කාට හරි දඬුවමක් දෙන්න ඕන.

රසායනික පොහොර තහනම් කරලා, රටේ අස්වැන්න නැති කරල, වන්දිය ගෙවන්නේ කාගේ මුදලින්ද. වෙන කාගෙවත් පුද්ගලික මුදල් නෙමෙයි රටේ මහජන මුදලින් තමා මේ කෝටි 4000 වන්දිය ගෙවන්න යන්නේ. ඒ මුදල රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යට වියදම් කරන්න තිබුනා. උසස් පෙළ විභාගය අරගෙන විශ්ව විද්‍යාලයට යන්න ප්‍රවේශ ලබාගත් එක්ලක්ෂ හැටදාහක් දරුවන් ගෙන් 34000යි රජයේ විශ්ව විද්‍යාල වලට ගන්නේ. වලට ගන්නේ. එය කෝටි 4000 න් ඉතුරු ලක්ෂයකටම උසස් අධ්‍යාපනයක් දෙන්න තිබුණා.

ඒකයි මම අහන්නේ කවුද මේකට වගකියන්න ඕන. ඇමතිතුමාද ජනාධිපතිතුමාද කවුද තීරණය ගත්තේ. මේ මුදල ගොවියාට විතරක් ගෙව්වත් පාරිභෝගිකයාට එකේ වාසියක් නැහැ. කොයි පැත්තෙන් බැළුවත් ආණ්ඩුව කරන්නේ නාස්තියක් විනාශයක් ඒක පැහැඳිළියි.