ආණ්ඩුව විසින් ගජ මිතුරන්ට බදු සහන ලබා දීමේන් පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ  යාම නිසා පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කර බව සමගි ජන බලවේගෙය් පාර්ලිමේන්තු  මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මේ බව කියා සිටියේ අද (26) විපක්ෂ නායක කාර්යාලයේ දීය.

වැඩි දුරටත් පැවසු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා,

“වැරදී ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ රජය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. එහිදී රජය පළමුවෙන්ම ආදායම අහිමි කරගත්තා දෙවනුව ගජ මිතුරන්ට උදව් කරන්න ගිහින් හොරකමට, වංචාවට ඉඩ ලබා දුන්නා එම නිසා පාරිභෝගිකයා ලොකු අපහසුතාවට මුහුණ දෙන්න සිදුවුනා ඒ වගේම බඩු මිල ඉහළ දමා පීඩනයකට පත් කළා.

අපි දන්නවා මේ වනවිට මූල්‍ය වංචා වංචාවල් රැසක් සිදුවෙලා තියෙනවා සීනි වංචාව ,පොල් තෙල් වංචාව , antigen වැනි වංචා ගොඩක් දේවල් සිදුවුනා.

කෘෂිකර්මයට වැරදුනේ රසායනික පොහොර නතර කිරීම නිසා එය සමගි ජන බලවේගය විදියට අපි නිවැරදිව අධ්‍යයනය කර තියෙනවා. කෘෂිකර්මයට රජය වග කිව්වම කොහොමද අපි කෘෂිකර්මය නැවත නගා සිටුවන්නට යන්නේ කියලා. වගේම අපේ රටේ ආහාර ආරක්ෂිතභාවය විතරක් නෙමෙයි කොහොමද අපි එකතු කරපු කෘෂිකර්ම ද්‍රව්‍ය පිටරට වලට ආනයනය කරන්නේ කියන ප්‍රතිපත්තියේ අපි සිටිනවා.

පසුගිය රජය කිලෝ 50 ක පොහොර බෑග් එකක් රුපියල් 1500 ට දුන්නා අද එය රුපියල් 8000 – 12000ත් අතර තමයි වෙළෙඳ පොළේ තියෙනවා නම් ගන්න ලැබෙන්නේ. රජයේ වැරදි ප්‍රතිපත්තිය රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම නිසා අස්වැන්නට ලොකු බලපෑමක් තියෙනවා එහිදී එය පළමුවෙන්ම ගොවියට බලපානවා දෙවනුවට පාරිභෝගිකයාට බලපානවා ගොවියාට බලපාන නිසා අපි දැක්කා රජය ප්‍රකාශයක් කර තිබුණා රුපියල් බිලියන 40ක් එය කෝටි 4000ක් රජය වන්දියක් හැටියට ලබා දෙනවා කියලා.
එහිදී ඇතිවෙන ප්‍රශ්නය තමයි අයවැය ඉදිරිපත් කර සම්මත කරගෙන කයම මාසයක්වත් නැහැ එසේනම් කොහොමද එකපාරටම අයවැයෙන් පිට මේ වගේ ප්‍රකාශ කරන්නේ කොහෙන්ද මේ සල්ලි එන්නේ. මොකද මේ වන්දිය දැන් ගෙවන්න හදනවා. වන්දියක් ගෙවෙනවා නම් වරදක් සිදු වෙලා කියලා පිළිගැනීමක් තියෙනවා එහිදී ඕන කෙනෙක් දන්නවා ඒකට වගකියන්න ඕන බව .හරි ක්‍රමවේදයකින්, සාධාරණ ක්‍රමවේදයකින් ,අධිකරණ ක්‍රමවේදයකින්, කාට හරි දඬුවමක් දෙන්න ඕන. එතකොට කවුද වගකියන්නේ රසායනික පොහොර තහනම් කරලා රටේ අස්වැන්න නැති කරල වන්දිය ගෙවන්නේ කාගේ මුදල් ද ගෙවන්නේ එය කාගෙවත් පුද්ගලික මුදල් නෙමෙයි. ඒ මුදලෙන් උසස් පෙළ විභාගය අරගෙන විශ්වවිද්‍යාලයට යන්න ප්‍රවේශ ලබාගත් එක්ලක්ෂ හැටදාහක් දරුවන් ගෙන් 34000යි රජයේ පාසල් වලට ගන්නේ. එය කෝටි 4000 න් ඉතුරු ලක්ෂයකටම උසස් අධ්‍යාපනයක් දෙන්න තිබුණා.

ඒකයි මම අහන්නේ කවුද මේකට වගකියන්න ඕන ඇමතිතුමා ද?ජනාධිපතිතුමා ද? කවුද තීරණය ගත්තේ. මේ මුදල ගොවියාට විතරක් ගෙව්වත් පාරිභෝගිකයාට එකේ වාසියක් නැහැ. සාමාන්‍යයෙන් යල සහ මාහ කන්නයට මෙට්‍රික් ටොන් මිලියන 03ක් විතර ආසන්න වෙනවා ඒක පරිවර්තනය වෙනවා වී ,හාල් වලට එසේ පරිවර්තනය උනාම රටේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් .දැන් අපි දන්නවා සහල් කිලෝවක් රුපියල් 170ට විතර තියෙනවා දැන් වෙනකම් රජය වී කිලෝවක් ගත්තේ. රු.50 ට දැන් ප්‍රකාශයක් කරනවා එයා 75ට ගන්නවා කියලා .මේ වනවිට සෑහෙන අස්වැන්න අඩු වෙලා තියෙන්නේ අපිට සහල් ඕන මෙට්‍රික් ටොන් 200ක් පමණ මාසයකට එහිදී මිලියන 2.4ක් ඕන එය හරියටම කියන්න බැහැ නමුත් මිලියනක් පමණ අඩුවෙලා. මේ දිනවල කතාවක් තිබෙනවා චීනයෙන් ඒ මිලියන දෙන්න යනවා කියලා . එහිදී වී කිලෝව 75ට ගන්නවනම් දැනට 170,180ට හාල් ටික අනිවාර්යෙන්ම මිළ ඉහළට යනවා රුපියල් 200ට එහා වැරදි තීන්දුවක් නිසා කොච්චර බලපෑමක් ජනතාවට ඇතිවෙලා තියෙනවද?

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් පමණ දැනටමත් පිටරටින් ගෙනාවා කියල කතාවක් තියෙනවා. එසේ ගෙනත් හාල් බවට පරිවර්තනය කරලා රට තුල විකුණන්න ඕන එය ඉන්දියාවෙන් ආව කියලා කතාවක් තියෙනවා කවුද මේක ගෙනල්ලා තියෙන්නේ සාමාන්‍ය මෙහෙම දෙයක් උනාම ගෙන්වන්නේ ලොකු වී මෝල් කාරයෝ ඔවුන්ගේ මාෆියාවක් තිබුණා මේ වෙනකොට ඒ අයත් හිර වෙලා ඉන්නේ අනාගතයේ වෙන්න යන්නේ වී අඩු උනත් පොඩි වී මෝල් හිමියන්ට මේක ලැබෙන්නේ නැහැ. පිටරටින් ගේනවනම් කාටද මූල්‍ය ශක්තිය තියෙන්නේ ලොකු වී මෝල් හිමියන්ට. එහි දී මෙට්‍රික් ටොන් 500 ගෙනල්ලා තියෙනවා නම් ඒ අය අනිවාර්යෙන්ම එය විකුනනවා. විකුණනවා නම් තවත් ප්‍රවේශම් වෙන්න ඕන ඉන්දියාවෙන් ගෙන ආවත් ඕක ලංකාවේ වගේ මිශ්‍ර කරලා පැකට් කරලා විකුණන්න පුළුවන්.

මේ රජය වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. හොරකම වංචාව නිසා එය මිනිස්සුන්ගේ බඩට වදිනවා එහිදී භාණ්ඩ මිල විතරක් නෙමෙයි ආහාර හිඟයක් ඇති වෙන්න පුළුවන් බව” වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසීය.