අරගලයෙන් බිහිවූ ආණ්ඩුව සහ ජනපති අරගලයට හේතු වෙච්ච දේවල් වලට පිළිතුරු ලබාදිය යුතු බව අද (04) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික එකමුතුවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහලේකම්වරයා .

අද තියෙන්නේ අරගලය නිසා බිහිවෙච්ච ආණ්ඩුවක් අරගලය නිසා බිහිවෙච්ච ජනාධිපති කෙනෙක් ඉන්නේ එහෙම නම් ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයා අරගලයට හේතු වෙච්ච දේවල් වලට පිළිතුරු ලබාදිය යුතුයි. මේ රටේ තරුණයෝ ඇතුළු මේ සියලු දෙන අරගලයේ කළේ රජය සහ ජනාධිපතිවරයා මේ රට බංකොලොත් කරපු නිසා ජනතාවට ජීවන වියදම ඉහළ ගිය නිසා තෙල් ටික ගෑස් ටික පොහොර ටික බෙහෙත් ටික නැති නිසා අද කරන්නේ ඒ සාමකාමී අරගලය කරපු වෘත්තිය සමිති නායකයෝ අත්අඩංගුවට අරගෙන මර්දනය ආරම්භ කරලා. අපි ජනාධිපතිවරයාට කියනවා එතුමා විපක්ෂයේ ඉද්දි කිව්වේ අරගල කරන්න ඕන කියලා ඒ මීට මාස තුනකට ඉස්සර වෙලා .එතුමා දැන් ජනාධිපති වුනාම අරගලය මර්දනය කරනවා.

මෙරටේ අරගල සිදුවෙලා තියෙනවා කොහොමද අරගලවලින් පස්සේ කටයුතු කරල තියෙන්නේ 1971 අරගලය තිබුණා අයට සියල්ලට සමාව දුන්නා 88 /89 බස් ගිනි තිව්වා transformer ගිනි තිබ්බා රජයේ කාර්යාල ගිනි තිබ්බා අද ඒවට දඬුවම් දුන්න නම් සිය දහස් ගණනක් හිරේ ඉන්න ඕන. අරගලයෙන් පස්සෙ ඒ අයට සමාව දුන්නා අද කරන්නේ අරගලයෙන් පස්සෙ එක් එක්කෙනා ඇතුළට ගන්නවා අද වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහත්මයා අරන් තියෙනවා එතුමා ගෙවල් ගිනි තිව්වේ නෑ ත්‍රස්තවාදී මැර වැඩ කරෙත් නෑ .අද තව වෘත්තීය සමිති නායකයෙක් කොඩියක් ළඟ තියාගෙන හිටියා කියලා එතුමා රරිමාන්ඩ් කරල තියෙනවා මේ ජනාධිපතිතුමා කියනවා ජනාධිපතිවරයාට අතිගරු ඕන නෑ කොඩි ඕන නෑ කියලා ඇයි එහෙමනම් අත්අඩංගුවට ගත්තේ තව එක්කෙනෙක් ගන්නවා ජනාධිපතිවරයා ගේ බියර් වීදුරුවක් ගත්තා කියලා. මෙහෙමද අරගලයක් මමර්දනය කරන්නේ. මේ සාමකාමී අරගලයක් කළේ රට විනාශ කරපු නිසා. අපි දන්නවා අරගලයෙන් පසු ඒ අයට සලකපු විදිහ මේ රටේ අරගලය කරපු අයට ගහපු විදිහ දන්නවා එක් කෙනෙක් ගැහුවා අගමැතිකම ඉද්දි අනිත් එක්කෙනා ගැහුවේ ජනාධිපති වුණාම අපි කියනවා කරුණාකරලා අරගලය මර්දනය කිරීම හා රට වෙනුවෙන් වැඩ කරපු අය මර්දනය කිරීම අපි හෙළා දකිනවා .ගෙවල් ගිනි තියපු අයට දඬුවම් කරන්න නමුත් අරගලය කරපු අය මර්දනය කරන්න කටයුතු කරන්න එපා කියලා විපක්ෂයේ එකමුතු විදිහට මේ රජයට කියනවා මොකද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ හොඳ කතාවක් කරලා ඒ විදිහට වැඩත් කරන්න කියලා ජනාධිපතිවරයාට අපි කියනවා.