දැන් රටේ තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නය මත ඇති වෙච්ච සමාජයක් ප්‍රශ්නයක් බව අද (04) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික එකමුතුවේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා.

මේ වෙනවිට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නය මත ඇති වෙච්ච සමාජයක් ප්‍රශ්නයක් විශාල අභියෝගයක් සමග තමයි අරගලයේ මුල් ආරම්භයත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අවස්ථාව උපයෝගී කරගෙන එතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ඊයේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේ ඉතාම පැහැදිලි ලෙස හැම දෙනාගෙම හිත් ඇදගන්න විදියට ප්‍රකාශ කළා. අපි ඇතුළු සමස්ත ලාංකීය ජනතාව බලාපොරොත්තු වුණේ සහ බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලා. එතුමාට අභියෝග තියෙනවා රටේ ජනතාවට ඔප්පු කරන්න ඒ වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත්වෙන්න. එතුමාට අභියෝග තියෙනවා අන්තර්ජාතික ප්‍රජාව ඒ වැඩළිවෙල ක්‍රියාත්මක වන බවට සෑහීමට පත්වෙන්න. එතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්න කොට මේ ආකාරයෙන් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන වෘත්තිය සමිති ව්‍යාපාර වල නිරත උදවිය අනවශ්‍ය විදිහට අත්අඩංගුවට ගැනීම තුළින් රටට විය හැකි හානිය පිළිබඳ කතා කළා. අද මේ මොහොත වන විටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ විශේෂ නියෝජිත මේරිල් මහත්මිය ජෝෂප් ස්ටාර්ලින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශේෂ නිවේදනයක් කරල තියෙනවා. මේ තත්ත්වයට අපේ රට පත්වෙනකොට අපට වේදනාවක් එනවා. මේ තත්ත්වයට අපි දැන දැනම නැවත ගමන් කරනකොට රජය නිසා මාර්ගයේ ගමන් නොකරන බවට ඉඟි පහළ වෙනවා. ඒ නිසා කරුණාකරලා ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීපු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බලාත්කාරයෙන් උදුරගන්න එය මර්දනය කරන්න කටයුතු කරන්න එපා.

අද මේ වෙන විට විසි ගානක් තැන් තැන් වල නාදුනන තුවක්කුකරුවන් විසින් මරා දාපු බව මාධ්‍යයෙන් අපි දන්නවා මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරලා ඒ අනීතික නීමැරුම් පිළිබඳ සොයා බලා ඒ අයට විරුද්ධව පියවර ගැනීම අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි මොකද මේ රට තුළ නැවත අවනීතිය භීෂණය දූෂණය මතු කළොත් මේ රට නිසි මාර්ගයට ගෙන යන්න ගන්නා උත්සාහය වැලැක් වෙනවා .ඒ සඳහා මම ආරාධනා ලැබුණත් සම්බන්ධ වෙන්න උදව් කරන්න බලන් ඉන්න කිසි කෙනෙකුට ජනතාවගේ එකඟත්වය මත ජනතාවගේ ආශිර්වාදය එක්ක එකතු වෙන්න බැරි වේවි එනිසා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න ජනාධිපතිතුමනි.