අන්දකාරයෙන් පිරි රටට ආලෝකය රැගෙන ඒමේ දැවැන්ත කාර්යභාරය කාන්තාව සතු බව පැවසූ විපක්ෂ නායකතුමා, 25% කාන්තා නියෝජනය අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් බව ද පැවසීය. වර්තමානයේ දී කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, පවතින ආර්ථික අර්බුදය හමුවේ මන්දපෝෂණය ඇතුළු බරපතළ ව්‍යාකූලතා රැසකට ඔවුන් මුහුණ දෙන බවද පැවසීය.

ජන ජීවිතවලට තුළ වගවීම සහ වගකීම පිළිබඳව උපරිම කාර්යභාරය ඉටු කරන්නේ කාන්තාවන් බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් වෙතින් ඉටු වන ඉටුවන කාර්යභාරය අප්‍රමාණයයි ද පැවසීය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන්, පැෆරල් සංවිධානය මුල්කොටගෙන පැවැති ප්‍රජාතන්ත්‍රවාදය, නායකත්වය සහ කාන්තාව මැයෙන් වූ විශේෂ මහජන සේවා වැඩසටහන අද (12) පැවැත්විණි.