තමා බලයට පත් වූ පසු විධායක ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕනැ ඔනැ ලෙස භාවිත නොකරන බවත් මෙය තනතුරක් නොව ජනතාව ලබා දුන් වරම තුළ ජනතා සේවකයකු ලෙස ඉටුකළ යුතු යුතුකමක් හා වගකීමක් බවත් විධායක ජනාධිපති යනු බදු ගෙවන්නන්ගේ මුදලින් යැපෙන කෙනෙක් බවත් එම නිසා මේ යැපුම්භාවයෙන් ඉවත් වෙනවා සේම රාමුවෙන් පිට පැන අලුත් විදිහට සිතා බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න කටයුතු කරන බවත් රටට හිතකර ලෙස ඒවා භාවිත කරන බවත් ඒ තුළින් රට සම්පතින් සෞභාග්‍යයයෙන් සවිබල ගන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මිහින්තලයේ පැවැති සමගි ජන බලවේගයේ මිහින්තලා ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
කුමන ආකාරයෙන් වත් සමගි ජන බලවේග රජය හෝ ආණ්ඩුව මහජනතාව බරක් නොවන බවත් පරමාදර්ශී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් ජනතාවට කැප කිරීම් කිරීමට පෙර නායකයා කැපකිරීම් කළ යුතු බවත් ආදර්ශමත් නිහතමානී සවන් දෙන රාජ්‍ය පාලනයක්, දසරාජ ධර්ම කේන්ද්‍ර කර ගත් රාජ්‍ය පාලනයක් අප රටට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමා කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ තාවකාලික භාරකරුවා ලෙස මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත කටයුතු කරනවා
අප රටේ සැමට බෙදෙන සෞභාග්‍යයක් සැවොම භුක්ති විදින ආර්ථික වර්ධනයක් සහ බුදු දහම කේන්ද්‍ර කර ගත් සෙසු ආගම්වලට ශක්තිය ලැබෙන, සදාචාර සම්පන්න, ශිෂ්ටසම්පන්න, යුක්ති ගරුක, විනයගරුක සාමකාමී දියුණු සංවර්ධනය වූ යහපත් රටක් නිර්මාණය කිරීමේ යුගය නිර්මාණය කරන බවත් එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනතා ආශිර්වාදයෙන් තාවකාලික භාරකරීත්වය සීමාසහිත කාලයකට බාර ගෙන ඒ කාලයේ ගෞරවනිය මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ශ්‍රී ලාංකිකත්වය තුළින් එකට එකතු වී රටේ ජනතාව වැටී ඇති තැනින් ගොඩ ගන්නවා
අප රට වෙළෙඳ වානිජ සංවර්ධන ක්ෂේත්‍ර අතින් ඉතාමත්ම ඉහළ තැනක සිටි බවත් සැමට සංවර්ධනය සැමට සෞභාග්‍යය උදා වු වාරි සංස්කෘතියක් හරහා කෙත්වතු සරුසාර වූ ජන ජීවිත සුඛිත මුදිත වූ යුගයක අපේක්ෂාව මේ මිහින්තලා ප්‍රකාශයේ සදහන්ව ඇති බවත් මෙමගින් රට ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම මෙහි සදහන් බවත් දුක් විදින ජනතාව දුුකින් මුදවා සැබෑ සෞභාග්‍යයක් කරා ගොස් ජාතික සංහිඳියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කර ශ්‍රී ලාංකිකත්වය තුළින් නිර්මාණය වන එකමුතුභාවය තුළින් රට ජයග්‍රහණය කර වීම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.