මහ මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ට එල්ලවන විරෝධතා සහ ගැටලු පරීක්ෂා කිරීමට නීතිඥ වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් සමගි ජන සන්ධානය විසින් පත් කර ඇති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද එට්ටිආරච්චි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේදී පක්ෂයේ මතය වන්නේ කිසිඳු දුෂණ වංචා චෝදනාවක් නොමැති පුද්ගලයින් සඳහා පමණක් සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා ලබා දිය යුතු බවයි. මෙම කමිටුව පත්කිරීමට මූලික හේතුව වන්නේද පක්ෂයේ මෙම ස්ථාවරයයි.

ඒ අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් එරානන්ද මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශව විසින් මතුකර ඇති විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ උපදෙස් පරිදි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඇත.

එම කමිටුවට පත් කොට ඇති සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩ්.ජයනාථ යන මහත්වරුන්ය .කමිටු වාර්තාව වහාම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය වෙත ලබාදෙන ලෙස උපදෙස් දී ඇත.

balavegaya Screenshot 2024 10 07 132855