විදුලිබල මණ්ඩලය සඳහා ඉන්ධන IOC හරහා ලබා ගැනිමට රජය තිරණය කළ නිසා ඉන්දියාවට අවශ්‍යනම් ලංකාවේ විදුලිය විසන්ධි කිරීමට සතියක් ලංකාවට ඉන්ධන සැපයීම නතර කිරීමෙන් එය සිදු කළ හැකි බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .
යහපාලන ආණ්ඩු සමයේ වර්තමාන ඇමතිවරුන් පවසා සිටියේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩි වන විට ලංකාවේ ඉන්ධන මිල වැඩි කරනවානම් මොකට ද? ආණ්ඩු අවශ්‍ය යන්නයි. එම ප්‍රශ්නයම ආපස්සට හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවෙන් අසා සිටියේය .
IOC මගින් ඉන්ධන හිගා කැම නිසා මෙලෙස ඉන්ධන මිල ඊයේ දින වැඩි වූ බව මන්ත්‍රීවරයා පැවසීය .
වත්මන් ආණ්ඩුව තව දුරටත් පාලනය කරොත් ගමන් කිරිමට කරත්ත හා පාපෑදී යොදා ගැනීමට සුදානම් වන ලෙස මන්ත්‍රීවරයා ජනතාවට කියා සිටියේය .
ආණ්ඩුව ඉදීරියේදී විදුලි බිලත් වැඩි කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසීය .
IOC හී නව ඉන්ධන මිල ගණන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් 121 දක්වා ද, ඉහල ගියේය .
සටහන – CJ