නිවැරදිව බදු පරිපාලනය සිදු කිරීම, බදු දැලට හසු නොවී සිටින කණ්ඩායම් එයට ඇතුළත් කර ගැනීම, ඩිජිටල්කරණය කිරීම් වැනි දේවල් සිදු නොකර රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රජය විවිධ බදු ගසමින් සිටින බවත් මේ වන විට රජය IMF එක කිව්වා යැයි පවසා දේපල බද්දක් ගහන්නට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

IMF එකත් එක්ක එකට එකතු වී මේ වන විට රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ආ යුතු වුවත් එම ගිවිසුම ජනතාවගේ පැත්තෙන් සාකච්ඡා විය යුතු බවත් IMF එක කියන කියන පදයට නටන රූකඩ රජයක් අපට අවශ්‍ය නොවන බවත් IMF එක පිට දා දේපල බද්දක් ගැසීම අසාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ රටේ ධනවතුන්, ධන කුවේරයන්, ගජමිතුරුන්ට බිලියන 800කට ආසන්න ණය කපා හැර ඇති බවත් ඒ ලැයිස්තුව රහස්‍ය දේවල් කියා එළි නොදක්වනවා වුවත් පරාටේ නීතිය ගැසට් කර සාමාන්‍ය ජනතාවගේ දේපල වෙන්දේසි කරන බවත් එම නිසා ණය නොගෙවපු ධන කුවේරයන්ගෙන් රටට හිමිවිය යුතු මුදල් එකතු කරනවා මිස දේපල බදු ගැසීම අසාධරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.