යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන මානව හිමිකම් චර්යාවක් ශ්‍රී ලංකාවේ රජය විසින් පවත්වාගෙන යන්නේදැයි විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල දූත මණ්ඩලයක් යුරෝපා

පාර්ලිමේන්තුව විසින් නම් කර තිබේ.

සැප්තැම්බර් 27 වැනිදා දිවයිනට ලඟා වන මෙම ඉහළ පෙලේ නියෝජිත පිරිස 

ඔක්තෝබර් පස්වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින්  ආණ්ඩුවේ, වෘත්තීය සමිතිවල, සිවිල් සමාජයේ, සේවායෝජකයන්ගේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතනද මුණගැසීමට නියමිතය.