රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට සහ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද දිනයේ කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවය.