සේවක අර්ථසාධක අරමුදලින් සහ විශ්‍රාම වැටුප් පාරිතෝෂික අරමුදල ඇතුළු දේශීය ආදායම් පනතේ සමාගම් යටතට ගැනෙන අරමුදල් ගණනාවකින් සියයට 25ක අධි භාර බද්දක් අයකර ගත හැකි අයුරින් නව නීති සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මුලින්ම දැන ගන්නට ලැබුණේ සසජිත්ට ය.ඔහු වහාම කළේ හර්ෂ ද සිල්වා,කබීර් හෂීම් , එරාන් වික්‍රමරත්න දෙදෙතිදෙනා සමග මේ පිළිබඳව ක්ෂණිකව කතා කිරීමය .

“මේ ආණ්ඩුව පික් පොකට් ආණ්ඩුවක්.

ආණ්ඩුව ගොවියට පික් පොකට් ගැහුවා.

ආණ්ඩුව ගුරුවරුන්ට පික්පොකට් ගැහුවා.

ආණ්ඩුව පාරිභෝගික ජනතාවට පික් පොකට් ගැහුවා.

ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යටත් පික් පොකට් ගැහුවා.

අන්තිමට මේ රටේ වැඩකරන ජනතාව ජීවිතය පුරා දුක් විදලා ඉතිරි කරගත්ත අර්ථසාධකයටත් ආණ්ඩුව පික් පොකට් ගැහුවා.

අන්තිමට ආණ්ඩුව රටටම පික් පොකට් ගහනවා”

එහෙම කිව්වේ කබීර් ය.

“ඉතිහාසයේ ඉඳලා මේ දක්වා වැඩ කරන ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු හැම ආණ්ඩුවකම අත්වුණේ පරාජය ඉරණම.”

හර්ෂ කීවේය.

රට වෙනුවෙන් දාඩිය වගුරලා දුක් විඳින ජනතාවගේ තුට්ටු දෙකට පික් පොකට් ගහන ආණ්ඩුවකට සාප වෙනවා.

දෙදහස් එකොළහේ සේවක අර්ථසාධක අරමුදලට පික්පොකට් ගහන්න ගිහිල්ලා රොෂේන් චානක කියන තරුණයා ගේ ජීවිතය බිලි වුනා.

හැබැයි ටික දවසක් ගියාම  එදා ආණ්ඩුව  මහජන බලය ඉදිරියේ බිලි වුනා.”

ඉරාන් අතීතය ද සිහිපත් කරමින් පැවසීය.

සජිත් දෙදෙනා උදෑසනම පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව සිය අවධානය යොමු කළේය.මේ මංකොල්ලයට එරෙහිව සමගි ජන බලවේගය තුළ විපක්ෂයේ පාරට බහින බව ද ඔහු පැවසීය.

කිවා වගේම ඊට පසු දින සමගි ජන බලවේගය රටපුරා අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් පටන් ගත්තේය.

“මේ මංකොල්ලය ආපහු හරවනකං අපි සටන නතර කරන්නේ නැහැ”

සජිත් කීවේය.