පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් බලාපොරොත්තු විය හැක්කේ වත්මන් රාජපක්ෂ පාලනය පලවා හැරිමෙන් පමණක් බව සමගි ජන බලවේගයේ කටාන සංවිධායක හිටපු ආමත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර තුනක් වෙනවා. මට මතකයි මාගේ නිවස තියෙන්නෙ කටුවාපිටිය පල්ලිය ආසන්නයේ. එම ගෙවල් අසල පෝස්ටර් වගයක් ගහලා තිබුණා එහි තිබුනේ මතකද 4 වෙනි මාසෙ 21 කියලා පාස්කු ප්‍රහාරය පාදක කරගෙන තමයි රාජපක්ෂලා බලයට ආවේ. මේ වෙනකොට ජනතාවට රාජපක්ෂලාගේ වතගොත හොදටම දැනිලා ඒ ගැන කියන්න අවශ්‍ය නැහැ.

රාජපක්ෂලා බලය දිගටම කරගෙන ඇවිල්ල නැවතත් රොෂේන් චානක, ඇන්තනීලා වගේ රඹුක්කනත් ඝාතනයක් සිදු වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඒකට ටිවිටර් පණිවිඩයක් දාලා එය හෙළා දැකලා තියෙනවා. නාමල් රාජපක්ෂත් පාර්ලිමේන්තුවේ එය හෙළා දකිනවා මම දැක්කා. එය සිදුවීමට වගකිවයුත්තා කවුදැයි සොයා බැලිය යුතුයි. එහිදී ඇඟිල්ල දිගු වෙන්නේ රටේ ජනාධිපතිට එම නිසා ජනාධිපති, අගමැති, කැබිනට් එක ඇතුළු ආරක්ෂක ලේකම් සියලු දෙනා වගකීම බාරගත යුතුයි .

දැන් ජනාධිපති පොහොර නවත්තපු එකට සමාව ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් විරුද්ධව කතා කරලා ලේකම්ව ගෙදර ඇරියා එම ලේකම්වරයාට මොකක්ද කරන්නේ මේ විදියට රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතාවය නැති කළා අද සාගතයට රටේ ජනතාව මුහුණ දෙමින් ඉන්නවා ඒ නිසා කියනවා කරුණාකරලා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට එයට සම්බන්ධ වූ අය සොයා දඬුවම් කරන්න. හැබැයි හොරාගෙ අම්මගෙන් පේන අහනවා නම් වැඩක් නැහැ. කරපු අයගෙන් මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.ඒ නිසා රාජපක්ෂලා ගෙදර ඇරලා තමයි මේකට සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමගි ජන බලවේගය හැටියටත් සහතිකයක් දෙනවා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුද කියන එකත් වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරලා මහා භයානක කූර මිලේච්ඡ ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු රටට ලබා දෙන්න කටයුතු කරනවා .”

යනුවෙන් විජිත් හිටපු ආමත්‍ය විජයමුණි සොයිසා මහතා ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .

සටහන – CJ