වර්තමාන ආණ්ඩුව යටතේ ළමයින්ට ලබා දීමට කිරිපිටි නොමැතිවීම, උයන්න ගෑස් නොමැති විම , වැඩකරන දෙමව්පියන්ට ප්‍රවාහනය නොමැතිවීම, වාහන සඳහා ඉන්ධන නොමැති වීම හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර නොමැති වී ඇති තත්ත්වයක් තුළ අවසානයේ දී බැට කන්නේ කාන්තාවන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවිරත්න මහත්මිය කියා සිටියාය .

ඇයි වැඩිදුරටත් කියා සිටියේ කුස්සිය දුක ජනාධිපතිවරයාට කියන්න ගිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ආණ්ඩුවේ මැරයන් විසින් දිගින් දිගටම පහර දීමට කටයුතු කරමින් සිටින බවයි .

වත්මන් ආණ්ඩුව කාන්තාවන්ට සලකන අකාරය මෙය බව ද, ඇය කියා සිටියාය .

මේ ආණ්ඩුවේ මැරයින්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරය දකින්නේ නැද්ද? මේවාට නීතිමය පියවර ගන්නේ නැද්ද ? රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කළ සිටියේය .

රටහි දැයකි, ලොවක ඇය ලෙස තේමා කළාත් ලංකාවේ කාන්තාවන්ට එසේ පිළිගැනිමක් තිබෙනවා ද යන්න ගැටලුවක් තිබෙන බව මන්ත්‍රීවරිය පැවසීය .

ඇය වැඩි දුරටත් කියා සිටියේ මාගම්පුර ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තය ජනාධිපති අගමැතිවරයා විසින් විවෘත කළත් එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුවෙන් මෙය අරම්භ කළ බවත් වත්මන් ආණ්ඩුව ඊයේ සිදු කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් යැයි මන්ත්‍රීවරිය පැවසීය.

මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව පිළිබඳ පසුගිය යහපාලන ආණ්ඩුවේ දී නාමල් රාජපක්ෂ මහතා විසින් විවිධ චෝදනා සිදු කරමින් සිටි බවද මන්ත්‍රීවරිය කියා සිටියාය.

මේ බව කියා සිටියේ අද(08) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

සටහන – CJ