සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පසුගිය දිනෙක බටහිර රටවල ප්‍රධාන පෙළේ තානාපතිවරුන් පස්දෙනකු විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත .

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි විශේෂ ස්ථානයක රාත්‍රී භෝජන සංග්‍රහයක් සමගින් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවක්ද දැනගන්නට තිබේ.

මෙහිදී බටහිර රටවල තානාපතිවරුන් විසින් සජිත් ප්‍රේමදාස මහතා සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ තොරතුරුද විමසා ඇති බවක් වාර්තා වේ.

ඊට පිළිතුරු වශයෙන් විපක්ෂ නායකවරයා තමන් සිදුකරනු ලබන ‘සක්වල’ වැඩසටහනට චීනය ආධාර කිරීමට පොරොන්දු වූ බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම බටහිර රටවල තානාපතිවරුන්ද එම වැඩසටහනට ආධාර කිරීමට පොරොන්දු වී ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව ආධාර කළ යුතු පාසල්වල ලයිස්තුවක්ද මෙම බටහිර රටවල තානාපතිවරුන් විසින් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මීට අමතරව දේශපාලන කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.