රටක අනාගතය රැඳී පවතින්නේ අධ්‍යාපනය තුළින් බවත්, එබැවින් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් කැපවීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොල් අතු සෙවිලි කළ වහලවල් සහිත කුඩා ශාලාවලටවී අධ්‍යාපනය ලබන දරුවන් මේ රටින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ ඛේදවාචකය වහා අවසන් කළ යුතුව ඇතැයි ද පැවැසීය. රටක අනාගතය භාරගන්නේ දරු පරපුර බව පැවසූ විපක්ෂ නායකතුමා එවන් දරු පරපුරට වඩාත් සහනදායි ලෙස අධ්‍යාපනය හැදෑරීමේ ඉඩප්‍රස්ථාව සලසා දීම බලධාරීන්ගේ වගකීමක් බවද පැවසීය. සමගි ජන බලවේගය ස්වකීය ප්‍රමුඛ තැනක ලා සලකන්නේ අධ්‍යාපනය බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කරන බවද පැවසීය.

balavegaya IMG 20220113 WA0045

තමන් සුබසාධන දේශපාලනයක යෙදෙන බව ඇතැම් කුඩා කොටසක් කරනු ලබන චෝදනා පිළිබඳව ඔවුන්ට අනුකම්පා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, පොල් අතු පන්ති කාමරයක සපත්තු දෙකක් හෝ නැතිව අතිශය දුෂ්කර ලෙස අධ්‍යාපනය හදාරන දහස් ගණන් දරුදැරියන්ගේ සුබසිද්ධියට තමන්ට කළ හැකි සියල්ල කිරීමට කිසි විටෙක පසුබට නොවන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

balavegaya IMG 20220113 WA0048

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (12) චාවකච්චේරි මද්දුවිල්හිදී පැවැති පාසල් දරුවන්ට සපත්තු ප්‍රදානය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.