ආණ්ඩුව දත්ත වැරදි ලෙස පෙන්විමෙන් රටේ පවතින ආර්ථික අර්බුදය විසදා ගැනිමට නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ,

“බැසිල් රාජපක්ෂ මැතිතුමා ජනවාරි මුල දී ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ දී ඩොලර් බිලියන 6.9 ගෙවීම සඳහා ප්‍රශ්නයක් අර්බුදයක් ඇති වෙන්නේ නැති බව තුමා ප්‍රකාශ කරනවා එතුමා එක තැනක කියනවා භාණ්ඩ හා සේවා අපනයනය තුළින් මුළු විදේශ මුදල් ගලා ඒම ඇමරිකන් ඩොලර් බිලියන 32ක් පමණ අපේක්ෂා කරනවා කියලා ඒත් දැන් අපනයනය ඩොලර් බිලියන තිස් දෙකක් මේ වසරේ ලබාගන්න කියලා හිතුනා අපේක්ෂා කරන එක මනංකල්පිතයි බොරුවක් .මෙහෙම හැමදාම දත්ත විජ්ජාවක් කරලා රට මුලා කරගෙන යන්න බැහැයි කියන එක ආණ්ඩුව තේරුම් ගත යුතුයි මම එහෙම කියන්න හේතුවක් නැතුව 1994 අන්තිමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් රාජ්‍ය නායකයෙක් ඉන්න කාලයේදී අපේ අපනයනය දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට 32% ක ඉලක්කයක තිබුණා හැබැයි ඒක 2014 වෙනකොට පොදුජන පෙරමුණ ආණ්ඩුවම ඉන්න කාලෙත් අපනයන දළ දේශීය නිෂ්පාදනයෙන් 11.3% ක ට අඩු අපේ අපනයන අඩු වුණා ඒකෙන් තමයි ඩොලර් ද්‍රවශීලතාවය කාලයක් තිස්සේ නිර්මාණය වුණේ මේක යහපාලන ආණ්ඩුව කාලයේ 2018 ඉතිහාසයේ ඉහළම අපනයනය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 20% ක වැඩි කරගන්න පුළුවන් වුණා ඒ ඉලක්කය උණ 2018 එක ඉස්සුවම අපනයනවල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 20ක් අරගෙන වුණත් දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා නම් මේ වසරේ ඩොලර් බිලියන 32ක් උප යනවා කියලා 2020 ඒ අය උපයාගත්තේ ඩොලර් මිලියන 12ක් මූලික බොරුවක් පුංචි දරුවෙකුට නොතේරෙනවා බොරුවක් කියලා මෙහෙම බොරු ලේඛන දීලා ණය ටික ගෙවන්න වෙනකොට රට තවත් අමාරුවෙ දාලා විවිධ බොරු සහ යොදවන්න උත්සාහ කරන එක වැරදියි.එතුමා ඊයේ කරපු අලුත් පාර්ලිමේන්තුව සාකච්ඡාවේදී මේ ගොඩ දාගන්න පුළුවන් කිව්වා හැබැයි අපි තනිවෙන්නේ වස්තු භංගත්වයට ේක ප්‍රශ්නයක් අනිත් පැත්තෙන් නෙමේ වසර අපනයන කොහොමද ඉලක්කෙට උස්සන්නෙ අපනයනය කඩාගෙන වැටෙනවා එක පැත්තකින් පොහොර ගෙනල්ල දුන්නෙ නැති නිසා කෘෂි ක්ෂේත්‍රය තුළ තේ නිශ්පාදනය 40% කින් අඩු වෙලා තියෙනවා රබර් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා ඒ වගේම පලතුරු එළවළු සුළු අපනයන බෝග අපනයනය කරන නිෂ්පාදන අඩු වෙනකොට කොහොමද අපනයනය වැඩි වෙනවා කියන්නේ නිෂ්පාදනයම කඩාගෙන වැටෙනවා රටේ පරිභෝජනයට ආහාර නැතිවෙනකොට තේ රබර් සුළු අපනයන කොහොමද අපනයන කරන්නේ. ඒක ගැටලුවක් අනිත් පැත්තෙන් මේ ආණ්ඩුව රටේ මිනිස්සුන්ට සංවෘත ආර්ථිකය මොඩලයක් කිව්වේ හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ එවැනි මොඩලයක් ක්‍රියාත්මක කෙරුවට අපේ ආනයන අඩු ඕනා ද 2019 අපි මේ රට භාර දෙන කොට ආනයන වල වටිනාකම ඩොලර් මිලියන දහනමය යි හැබැයි 20 22 බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා අපේක්ෂිත භාණ්ඩ හා සේවා ආනයන ඇමරිකන් ඩොලර් බිලියන 23 ක් කියලා එහිදී අපට අපනයන සහ ආනයන අතර තියෙන ප්‍රවාහය අනුව අපේ ආනයන ප්‍රමාණය අපනයන වලට වඩා වැඩි වෙනවා ඩොලර් වටිනාකමින් ඒ කියන්නේ අපිට ඒකෙන් ඉතුරුවක් වෙන්නේ නෑ ණය වලට ඩොලර් යොදවන්න ඒකයි අපි කියන්න බලන්න එතකොට මේ ප්‍රශ්න ටික ගත්තම අපට මූලිකව ප්‍රශ්නයක් පැන නගිනවා අපි කොහොමද මුහුණ දෙන්නෙ කියලා.”

මේ බව කියා සිටියේ ආර්ථිකයේ නිවැරදි දිශාව ගැන අද 13 දින පැවැති මාධ්‍ය හමුවේදීය .