රුපියල් 50,000කට වඩා අඩුවෙන් ආදායම් ලබා ගන්නා සියලුම පවුල් සදහා රුපියල් 10,000ක දීමනාවක් ලබාදෙන මෙන් ආණ්ඩුවෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඉල්ලා සිටියි.

මන්ත්‍රීවරයා කියා සිටියේ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල යාම නිසා ජිවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි .

වැඩි දුරටත් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය නිසා මේ වන විට පිටරටින් ගෙන්වන සියලු භාණ්ඩ ආනයනය කිරීමට ඩොලර් අර්බුදය නිසා ප්‍රශ්නයක් පැන නැගි ඇති බවත් අද වන විට රටේ ඇති ඩොලර් සංචිතය බිලියන 1,000ක් බවත් රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට පමණක් ඩොලර් මිලියන 500ක්, 600ක් අවශ්‍ය බවද සදහන් කර මන්ත්‍රීවරයා කියා සිටියේ අපට විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදයම පහළ ගොස් ඇති බවත් එයට හේතුව ලෙස මන්ත්‍රීවරයා කියා සිටින්නේ ආණ්ඩුව ඩොලරය 203ට තබා ගැනිමත් කලු කඩ ඩොලරය ‍රුපියල් 240 පමණ තිබීම බවයි .

තවද ආණ්ඩුව රටේ සම්පත් විදේශිකයින්ට විකුණා ඩොලර් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි .

මහබැංකු අධිපතිවරයා රත්තරන් සංචිතයෙන් ඩොලර් බිලියන 300ක් පමණ මේ වනවිට විකුණා ඇති බවද අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

තවද ඉන්දියවෙන් හා චීනයෙන් ලබා ගත් ණය මුදල් ඩොලර් වලින් ගෙවිය යුතු ගෙවීම් සදහා භාවිතා කිරීමට නොහැකි බවද කියා සිටියේය .

සටහන – CJ