මේ දිනවල ආණ්ඩුවේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් විදේශගතව සිටියත් සජිත් මේ දිනවල සිටින්නේ ගම්මානවලට ගොස් ජනතාවගේ සුව දුක් විමසමිනි.

ගමින් ගමට – දොරින් දොරට වැඩසටහන ක‍්‍රියාත්මක කරමින් තිස්සමහාරාම කාසිංගම ප‍්‍රදේශයට ගිය සජිත් රටේ ආර්ථික තත්වය ගැන සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරයට පැහැදිළි කළේය.

‘‘රටකට ණයක් දෙනකොට සලකා බලන ශ්‍රේණිගත කිරීමක් තියෙනවා. ෆිච් රේටිං කියලා. ඒක ලෝකයම පිළිගත් ආයතනයක්. අපේ රටේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දාලා. ඒක ලෝකයම පිළිගත්තත්, අපේ රටේ මහ බැංකු අධිපතිවරයා ඒක පිළිගන්නේ නෑ. මේවා හරිම විහිළු වැඩ’’සජිත් කීවේය

මේ අතර නත්තල වෙනුවෙන් මීගමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයකට සජිත් සහභාගී විය. කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයා විසින් සංවිධානයක කර තිබූ එම නත්තල් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ සජිත්ය.