සමගි ජන බලවේගයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට සමගි විහිදුම් බළගණය, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට දින පිහිටුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි .

ඔහු කියා සිටියේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක් හිදී හෙට උදැසන 9ට පවත්වන බවයි.

මේ සදහා සියලු දිස්ත්‍රික් වල සම්බන්ධිකරණ නිළධාරීන්ට හා ප්‍රදේශිය නිළධාරීන්ට ඇරයුම් කළ ඇති බවද කියා සිටියේය .

හේෂා විතානගේ මහතා කියා සිටියේ ඉතා ජවසම්පන්න ලෙස හෙට සමගි විහිදුම් බළගණය ආරම්භ කරන බවයි.

මෙම අවස්ථාවට ආරාධනා ලැබු සියලු දෙනාටම සහභාගි වන ලෙස හේෂා විතානගේ මහතා ඉල්ලා සිටියේය .