අද වන විට හාල් මිල පාලනය කිරීමට ප්‍රකාශ කර ගැසට් ඉවත් කර හාල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි මිල තිරණය කරන්න ආණ්ඩුව අවස්ථාව ලබා දි ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි අලවතුවල මහතා පවසයි .

අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සි අලවතුවල මහතායි මේ බව කියා සිටියේ.

මිල පාලනය ඉවත්කර සහල් මෝල් හිමියන්ට අවශ්‍යය පරිදි මිල වැඩි කිරීමට ආණ්ඩුව උත්සහ කළ බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.

ජීවන බර අඩුකිරීමට පැමිණි ආණ්ඩුව ඊටත් වඩා දෙගුණයක ප්‍රමාණයකින් අත්‍යවශ්‍යය භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවයි ජේ සී අලවතුවල මහතා චෝදනා කළේ .


වැඩි දුරටත් කියා සිටියේ ගොවියාගෙන් නාඩු 51 ට අරන් අද රුපියල් 115කට විකිණන බවත් එයින් ගොවියාට හිමි විය යුතු ආදයම අහිමි වි ඇති බවත් අනෙක් පැත්තෙන් පාරිභෝගිකයා අසරන වි ඇති බවත් අද වන විට වෙලෙඳපොල තුල තියෙන අඩුම හාල් මිල රුපියල් 115ක් බවත් දැන් මෝල් හිමියන්ට අනුව මිල තිරණය කරන බවයි ජේ සි අලවතුවල කියා සිටින්නේ .