‘පාඨලී මහතාව මේකට දෙතුන් පාරක් ගෙනල්ලා කට වහන්න හරි අපිව මේක ඇතුලට ගෙනල්ලා අපේ කටවල් වහන්න හදනවනම් ආණ්ඩුව වැරදිච්ච තැන එතන තමයි කියලා අපි කියනවා’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි

පාස්කු ප්‍රහාරය සමබන්දයෙන් දඩුවම් ලබා දීමට නොහැකි වුණේ එයට ක්‍රියාත්මක විය යුතු ප්‍රධාන පුද්ගලයා ආණ්ඩුව සමඟ තිබූ ඩීල් එක නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන මූල්‍ය අවභාවිතාවකට සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් පාඨලී රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු අතර එම ස්ථානයට පැමිණ සිටි මන්ත්‍රී මනුෂ මෙසේ ද පැවසුවේය

“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ සියලු කරුණු යට ගහන්න කටයුතු කළා. හිරේ ඉන්න ඕන අය බලේ ඉන්නවා. බලේ ඉන්න ඕන අය හිරේ ඉන්නවා. ඒකට හේතුව මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ඩීල් නඩේකට සෙට් වීම.

යහපාලන කාලේ CID එනකොට කිවුවේ දඩයම් මන්දිරේට එක්කන් යනවා කියලා. හැබැයි ආපු හැමෝම මතක් කරලා බලන්න, එක්කෝ ආවේ හොරකම් කරලා, එක්කෝ මංකොල්ල කාලා, නැත්නම් අම්මා තාත්තගේ සොහොන හදන්න ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා, නැත්නම් සතොසේ සල්ලි හොරකම් කරලා. මොනාම හරි හොරකමකට තමයි මෙතනට ආවේ.

අද කවුද එන්නේ ? අද එන්නේ පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත හෙළි කළ අය, ඇන්ජිටිජන් වංචාව ගැන ඇත්ත හෙළිදරව් කරනවා නම් කවුරු හරි, නැත්නම් NMRA එකේ දත්ත හොරකම ගැන ඇත්ත කිවුව අය . ඇත්ත කිවුව නම් ඒ අය තමයි අද සීයිඩී එකට ගේන්නේ. අද වෙනස තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් වෙනකොට මේක වහ ගන්න ඇත්ත කියන මිනිස්සුන්ගේ කටවල් වාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන එක. කවුරු හරි හිතනවා නම් පාඨලී මහතාව මේකට දෙතුන් පාරක් ගෙනල්ලා කට වහන්න හරි අපිව මේක ඇතුලට ගෙනල්ලා අපේ කටවල් වහන්න හදනවනම් ආණ්ඩුව වැරදිච්ච තැන එතන තමයි කියලා අපි කියනවා”.