එන්.ජී.රාජපක්ෂ යන නමින් හෝ එතුමා නියෝජනය කරන වෙනත් නමකින් අලි බලපත්‍රයක් තියෙනවා ද ?යන්න අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය .

එයට පිළිතුරු දෙම්න් විෂයභාර ඇමතිවරයා සදහන් කලේ එය පිළිබඳ නොදන්නා බවත් සොයා බලා ඉදිරියේදී පාර්ලිමේන්තු දැනුවත් කරන බවයි.

මයන්ත දිසානායක මහාතා තවත් අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ ඉෂිනි වික‍්‍රමසිංහ ඉල්ලා අස්වුණේ ජනාධිපතිතුමාගේ බැලපැමට ද ? යන්න බවයි.

අමාත්‍යවරයා පිළිතුරු දෙමින් සදහන් කලේ ඇය අස්වි ඇත්තේ කැමැත්තෙන් බවත් එහි ඇතුලන්තාය තමන් නොදන්න බව පවසමින් ලිස්සා ගියේය .