ඉදිරි මැතිවරණ සඳහා සහය ලබාදීමට සමගි ජන බලවේගය තෝරාගනු ලැබුවේ විශාල අධ්‍යයනයකින් පසුව බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා.

එතුමා සඳහන් කරන්නේ මේ වන විට රටේ විශාල ආර්ථික ගැටළුවක් තිබෙන බැවින් ඒ සඳහා සාර්ථක වැඩපිළිවෙලක් සහ දක්ෂ කණ්ඩායමක් සිටින එකම පක්ෂය සමගි ජන බලවේගය බවත් ඒ සඳහා නායකත්වය දීමට හැකි එකම නායකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි.

රටේ ආර්ථික ප්‍රශ්නය විසඳාගැනීම සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහයෝගය ලබාදීමට සුදානම්ව සිටින බවයි එතුමා මෙහිදී අවධාරණය කරන්නේ.