ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති පර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවන්හි ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් පාලනය කිරීමට කටයුතු කළ යුතු බවට ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර ඇති අතර එහිදී මන්ත්‍රීවරයාට තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් චන්දිම වීරක්කොඩි මහතාගෙන් ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සමාව ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ හඬ පට පරීක්ෂා කිරීමේදී එවැනි තර්ජනයක් සිදුව ඇති බව තහවුරුවීම හේතුවෙන් කමිටුවේ දැනුම් දීම ඔවුන් දෙදෙනා මෙලෙස සමාව ප්‍රකාශ කර ඇති බව සඳහන්.