වත්මන් ආණ්ඩුව බලයට ගෙන එම සදහා කටයුතු කළ වෘත්තීය සංගම් අද වන විට ආණ්ඩුවට විරුද්ධව වැඩ වර්ජන සිදු කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියල ද යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අසා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .

මුජිබර් රහුමාන් මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“මේ ආණ්ඩුව බලයට ගෙන්න විශාල වැඩ කොටසක් කරපු අය අපේ ආණ්ඩුව දිගින් දිගටම වර්ජනය කර සංගමයක් තමයි දොස්තර පාදෙණියගේ සංගමය අද මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා බලය පිහිටවන්න ඉහල මට්ටමේ විශාල ලෙස ක්‍රියාත්මක වූ සංගමයක් ඒ සංගමයත් අද ආණ්ඩුවට විරුද්ධව වර්ජනයකට ගිහිල්ලා.

අපි අහනවා පොදුජන පෙරමුණේ ඉන්න වෘත්තිය සමිති නායකයින්ගෙන් පාදෙණිය වර්ජනයට ගිහින් තියෙන්නෙ විපක්ෂනායක තමා කියල ද? පාදෙණිය මහත්තයා ජනාධිපතිතුමාගේ හැම කෙනෙක් ඒ සංගමය මාරුවීම් ප්‍රශ්නයක් දවස් කීපයක් වර්ජනයක් කරනවා කරන්නේ සමගි ජනබලවේගයේ හා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ ඕනෑකමට ද කියලා අපිට අහන්න තියෙනවා

මේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න බලය ලබා ගත්තේ වැඩකරන ජනතාවට පොරොන්දු රාශියක් ලබා දීලා අද වෙන විට එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ එසේ නොවීම නිසාම දෙපාර්ශ නායක සජිත් ප්‍රේමදාස වඩා වැඩ කරන ජනතාව ඒකරාශි වෙනවා සමගි ජනපදය වෘත්තිය සමිති හදාගෙන විකල්ප ක්‍රියාමාර්ග වලට වැඩකරන ජනතාව යොමු වෙන්න පටන් අරගෙන එය මේ ආණ්ඩුවේ තිබෙන විශ්වාසයත් පොරොන්දු කඩ කිරිමත් නිසා”