ජනතා විමුක්ති පෙරමුණ 2020 මහ මැතිවරණයෙන් ලබා ගෙන තිබෙන සමස්ත ඡන්ද ප්‍රමාණය, 2020 මැතිවරණයේ ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් එවැනි පක්ෂයකට කිසිසේත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් නාලක ගොඩහේවා මහතා පවසනවා.

එතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට කොළඹ, ගම්පහ, කුරුනෑගල යන දිස්ත්‍රික්කයන් ඉතාමත් වැදගත් වන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ කිසිඳු අවස්තාවක එම දිස්ත්‍රික්ක වල කිසිඳු වර්ධනයක් පෙන්වා නැති බවයි.

එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා ඔහුට ඡන්ද ලක්ෂ 70ක් ගන්න හැකියාව තිබෙනවා කියලා.

2020 මැතිවරණයේදී සමස්ත රටෙන්ම ඡන්ද ලබාගත්තේ (4,45958) හාරලක්ෂ හතලිස් පන්දහස් නවසිය පනස් අටයි. ඒක සියයට 3.8 ක ප්‍රතිශතයක්. ඒ වගේම රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුන වන ගම්පහ, කරුණෑගල, කොළඹ දිස්ත්‍රික්කවලින් විශාල ඡන්ද ප්‍රමාණක් ගන්නේ නැතිව ඡන්දයක් දිනන්න අපහසුයි.

කොළඹින් ඡන්ද අරගෙන තිබෙන්නේ 67,000 යි. ගම්පහින් ඡන්ද අරගෙන තිබෙන්නේ 61,000 යි. කුරුණෑගලින් ඡන්ද අරගෙන තිබෙන්නේ 36,290 ක්.

ඒ වගේම 2020 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ගත්ත සමස්ත ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියි ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රමාණය. 2020 මැතිවරණයේදී ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රමාණය හත් ලක්ෂ හතලිස් හතරදාහයි. ජනතා විමුක්ති පෙරමුණ ගත්ත ඡන්ද ප්‍රමාණය හාරලක්ෂ හතලිස් අටදාහයි. එහෙම ඡන්ද ගත්ත පක්ෂයක් කොහොමද ඡන්ද ලක්ෂ 70 ක් ගන්නේ”