මේ රටේ ජනාධිපතිවරයා තමන්ට උවමනා නම් ගොවීන්ගේ බෙල්ලෙන් අල්ල ගෙන ගොස් කාබනික වගාවට යොමු කළ හැකි යැයි ප්‍රකාශ කළ බව හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ රටේ ගොවීන් ලක්ෂ 20ක් සිටින බවත් ඔවුන් 16 වෙනිදා කොළඹට රැගෙන ඒමට තමන් කටයුතු කරන බවත් හැකි නම් බෙල්ල නොව නැට්ට අල්ලපන් යැයි ඔහු ජනාධිපතිවරයාට අභියෝග කළේය.

ඇමරිකාවේ දී ජනාධිපතිවරයා පිටුපස වාහන 15ක් යාම පිළිබඳ ජනාධිපතිවරයා චූන් වී ඇති බවත් රනිල් මෛත්‍රී පමණක් නොව මහින්ද රාජපක්ෂ ද ගමන් කරන්නේ වාහන සමූහයක් සමග බවත් සමගි හරීන් ප්‍රනාන්දු පැවසුවේය.