පසුගිය පාලිමේන්තු වාරයකදී තමාගේ හැසිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම චෝදනා එල්ල කළ බවත් එම සියළු චෝදනා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාටත් පාර්ලිමේන්තුවටත් බාරදෙන බවත් චමින්ද විජේසිරි මහතා අද (14) පර්ල්පිමෙන්තුවේදී පැවසීය.

ඔහු 9වන පාර්ලිමේන්තු සභාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ 8වන පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ඇසූ මන්ත්‍රීවරයා තමන් වන අතර 9වන පාර්ලිමේන්තුවේ දී තමාට විවිධ කෙනෙහිලිකම් සිදුවන බවයි.

ඔහු පසුගිය හැන්සාඩ් වාර්තා කතානායකතුමාට ඉදිරිපත් කරමින් දිගින් දිගටම සිදු වූ අසාධාරණකම් පිළිබඳ ව අවධාරණය කළේය.

පසුගිය පාර්ලිමේන්තු වාරයේදී තමාගේ හැසිරීම පිළිබඳව අන් පක්ෂයේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම වරප්‍රසාද කමිටුවට පැමිණිලි කර තිබුණු බවත් අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා privet motion එකක් මගින් තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන බවත් ප්‍රකාශ කර ඇති බව පැවසූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ එසේ කිරීමට ක්සිදු අණ පනතක් නැති බවත් තමාට එසේ සිදුකරන්නේ නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහෝසි වී තිය යුතු බවත්ය.

පාර්ලිමේන්තුවට නිලධාරීන් තෝරා තෝරාගැනීමේදී විශාල අවභාවිතාවක් සිදුවී ඇති බවත් එතුමා අවධාරණය කළේය.

එසේ සිදුකළ නිලධාරියාට හොරා ලෙස ආමන්ත්‍රනය කල බවත් හොරාට හොරා නොකියා රනිල් වික්‍රමසිංහ කියා අමන්ත්‍රනය කල නොහැකි බවත් ඔහු මෙහිදී පැවසීය.

ඔහු මෙම කතාව අවසන් කළේ මේ පිළිබඳව කතානායකවරයාට සොයා බලන ලෙසත් මෙවැනි අසාධාරණයක් මින්මතුවට කිසිදු මන්ත්‍රීවරයෙකුට සිදු නොවීමට වගබලා ගන්නා ලෙසත් අවධාරණය කරමිනි.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩවෙන්න දෙන්න බැහැ, අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා කාලයක් පුරා පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන විටත් කරුණු කාරණා ඉදිරිපත් කරන විටත් බොහෝ අවස්ථාවල හැම අතකින්ම බාධා එල්ල කිරීම ප්‍රතික්ෂේප කරන බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න ලැයිස්තුවේ පහළට පවා දමන අදෘෂ්‍යමාන බලවේගය කුමක්ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතියක් ඇති බවත් එතුමා කිසිදු අවස්ථාවක ද්වේශ සහගත ලෙස කටයුතු කර නොමැති බවත් එතුමාගේ වරප්‍රසාද කඩකරන්න කවුරුන් හෝ කටයුතු කරනවා නම් එය බරපතල ගැටලුවක් බවත් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් සියලු දෙනාම පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද විජේසිරි මහතාගේ මහතා ගේ කතාවෙන් පසු අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ චමින්ද විජේසිරි මහතාගේ මහතාගේ ප්‍රශ්නය පක්ෂයක් ලෙස ලෙසත් තනි තනි පුද්ගලයන් ලෙසත් තමන් පෙනී සිටින බවයි.