ගෝඨාභය රාජපක්ෂ මහතා රට බංකොලොත් වීමේ වගකිම භාර ගතයුතු බවත් ජනාධිපති ධුරයේ තව දුරටත් සිටිමට සදාචාරාත්මක අයිතියක් ඔහුට නැති බවත් වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය විසදිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් බව එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතා ප්‍රකාශ කලේ අපේ රට එතුමා ගත් තීන්දු නිසා වැටිලා තියෙනවා එම නිසා වගකීම බාර ගන්නවා කියලා.ඒ වගේම වරද පිලිගන්නා බවත් කිව්වා එහිදී රසායනික පොහොර නොදීම ,IMF ⁣මුලදී නොයැම වැනි වැරදි පිළිගනී කියලා පුවත්පත් සදහන් කරනවා. ඒ තුල රට විශාල ආහාර හිගයක් ඇතිවන බව ජනාධිපතිවරයා පිලිගන්නේ වසර දෙකකට පස්සේ රට බංකොලොත් වීම ගැන එතුමා වගකිවයුතුයි එතුමා තවදුරටත් ජනාධිපති ධූරයේ සිටීමට සධාචාර අයිතියක් නැහැ වරද පිලිගැනීම තුල ඩොලර් මිලියන 6.5 ක් ලැබුණු නැති ⁣චීන අසූචි නැවකට ගෙවා ජනතාවගේ මුදල් නාස්ති කර එකේ වගකීම ජනාධිපති ගන්න ඕන.වරද පිලිගත් නිසා එම මුදල් පෞද්ගලික මුදලින් නැවත රට⁣⁣ට ලබා දියයුතුයි බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

“අපි මුලින් කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. නමුත් නොයා ඉන්න තීන්දුව ගත්තා අපි පරක්කු වැඩියි කියලා ඔහු කියනවා එසේ ඊයේ ජාතිය අමතා කිව්වේ මොකද්ද සම්පූර්ණ පාපොච්චාරණ කිරීමක් සිදු කළේ. ඔහු කියනවා අලුත් මහ බැංකු අධිපති කෙනෙක් ,මුදල් ඇමති කෙනෙක්, භාන්ඩාගාර ලේකම් කෙනෙක් පත් කරා කියලා එසේනම් ⁣මෙතෙක් සිටි සහොදරයන් දෙදෙනාම අසාර්ථකයි. රාජපක්ෂලා අසාර්ථක බව ජනාධිපතිතුමාම පිලිගෙන තියෙනවා. එසෙන්ම් කළ යුත්තේ ජනාධිපති රාජපක්ෂත් ධූරයෙන් අස්වීමයි.රටක් බංකොලොත් බව රට විසින්ම ප්‍රකාශ කර තිබියදී ජනාධිපතිවරයාට සධාචාරාතමක් අයිතියක් නැහැ ධූරයේ රැදී සිටින්න.රට ආරක්ෂා කරන්න ඔවුන් දිවුරුම් දී තියෙනවා දැන් කියනවා ණය ගෙවාගන්න බැහැ කියලා .එසේනම් ජනාධිපති අස්විය යුතුයි .ඒකයි ජනතාව කියන්නේ GOTA GO HOME කියලා .රටේ ජනතාවගේ ඉල්ලීම ඉටු කරන්නම වෙනවා ” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය .

අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අශෝක් අබේසිංහ මහතා තව දුරටත් කියා සිටියේ ,

“මේ ආර්ථික අර්බුදය ගොඩගන්න පුළුවන් නිවැරැදි ආර්ථික කළමනාකරණයකට විතරයි එය සමගි ජන බලවේගයට ශක්තිය තිබෙනවා .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආර්ටිකල් ෆෝ වාර්තාව අනුව අපි ණය ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වෙලා අපේ ණය තිරසාර නැහැ කියලා ප්‍රකාශ කරලා මේ වනවිට සිදුවෙලා තියෙනවා එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ක්ෂණිකව අපිට ණය දෙන්න බැහැ ණය ගත් ආයතන වලින් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන එසේ නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය දෙන්නේ නැහැ .පසුගිය සතියේ ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 75ක් එය ගෙවාගන්න බැරිවුනා රජයේ සංචිත ඩොලර් මිලියන 100ටත් වඩා අඩුයි කියලා දැනගන්න ලැබෙනවා රටේ ජනතාව රවට්ටමින් යනවා සංචිත තියෙනවා කියලා නමුත් සත්‍ය ඩොලර් මිලියන 100ටත් අඩුයි .ගල් අගුරු වලට සල්ලී ගෙවා ගන්න බැරුව තිබෙනවා මේක විශාල අර්බුදයක් .”

දේශපාලන අර්බුදය විසදා ගත හැක්කේ පාර්ලිමේන්තුවෙන් පමණයි

“දේශපාලන අර්බුදය අදවනවිට ආණ්ඩුව කණ්ඩායම් 05ට කැඩිලා.එය ආණ්ඩුව ,විමල් වීරවංශ ,මෛත්‍රීපාල සිරිසේන ,අනුර යාපා ,තොන්ඩමන් යන මහත්වරුන්ගේ කණ්ඩායම් විදියට මේ දේශපාලන අර්බුදය නිසා ස්වාධීන වූ කණ්ඩායම් විපක්ෂයේ අසුන් ගත්තා නමුත් රටේ ජනතාව එළියේ ඉල්ලන ගෝඨා ගෙදර යන්න රාජපක්ෂලා ගෙදර යන්න කියන එක අපි පාර්ලිමේන්තුවට ගෙන්ල්ලා තිබෙනවා ඒ තුල විසදන්න අපි බලාපොරොත්තු වෙනවා මේ දේශපාලන ප්‍රශ්නය විසදන්න පුළුවන් පාර්ලිමේන්තුව තුල විතරයි ඒ සදහා විපක්ෂය විදියට සමගි ජන බලවේගය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා 20 අහොසි කරලා 19 ගේන්න අපි කිව්වා විධායක ක්‍රමය අහොසි කරන්න කිව්වා එවැනි වැඩපිළිවෙළක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .”

සටහන – CJ