ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර ටික කාලයක් ඇතුලත ලෝක කුසලානයක් පවා දිනාගත් රටක් වර්තමානයේ පත්වෙලා තිබෙන ඛේදනීය තත්වය  පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රිකට් පිළිබඳව වැඩි කැමැත්තක් නොදක්වන පිරිසටද විශාල ප්‍රශ්නයක්, වේදනාවක් තිබෙන බව අද(03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ විතානගේ මහතා පැවසීය.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව ජනාධිපති, ක්‍රීඩා ඇමති ඇතුළු බලධාරීන් දැනුවත් බවත් පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයකදී මේ පිළිබඳව විශාල කරුණු රැසක් විපක්ෂය මගින් ඉදිරිපත් කර ඇති බවත් අවධාරණය කල ඇමතිවරයා අවධාරණය කරමින් කියා සිටියේ තවත් මාධ්‍ය සකච්ඡා, විවාද, පරීක්ෂණ නොපවත්වා මෙම ඛේදවාචකය මෙතනින් නතර කරන ලෙසයි.

වත්මන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පසුගිය දා මාධ්‍ය සකඡාවකට සහබාගී වෙමින් “ක්‍රිකට් ආයතනයට බලපෑම් කළහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්විය හැකි” බව ප්‍රකාශ කල බව පැවසු හේෂ මන්ත්‍රීවරයා කියා සිටියේ හොරු රැලකට මෙරට ක්‍රිකට් ආයතනයකට බාර දී ජත්‍යන්තර ක්‍රිකට් ආයතනයට බයේ සිටිනවාට වඩා මේ රටේ ක්‍රිකට් නොමැතිව සිටීම හොද බවයි.

මේ රටේ මංකොල්ලාකාරයින්ට ක්‍රිකට් නාමයෙන් හොරකම් කරන්න, ඕන ඕන විදියට කටයුතු කර ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න ඉඩ දී බලා සිටීමට ඇමතිවරයාට හැකිනම් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නොමැතිව සිටීමට ක්‍රීඩා ලෝලීන් කැමති වනු ඇති බව එතුමා පැවසීය.

ජාත්‍යන්තරයෙන් එවැනි බලපෑම් ඇති නොවන බව හේෂ මන්ත්‍රීවරයා පැවසූ අතර එතුමා කියා සිටියේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී තිබෙන ඛේදවාචකය පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් බවත් මේ වන විට ඔශ්‍රේලියාවේ මහා කොමසාරිස්වරයා හමුවී දැනුවත් කර තිබෙන බවත්.

ඔහු ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලදාරීන්ට අනතුරු අඟවමින් කියා සිටියේ වහාම තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙසත් නැතිනම් ක්‍රීඩාවට ආදරය කරන ජනතාව ඔවුන්ව පන්නා දමන දිනය වැඩි ඈතක නැති බවයි.