හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ කතා කරන ජනාධිපතිතුමාගෙන් ගොවියාට සාධාරණයක් ඉටුවේද යන්න අපේක්ෂා කිරීමට නොහැකි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි .

වැඩි දුරටත් පැවසු නලින් බණ්ඩාර මහතා,

“මහ කන්නයෙන් ආර්ථිකයේ කඩා වැටුණු ගොවියාට අද නැගිට්ටවන්න බැහැ. ඔහුගේ ආර්ථිකය කඩාවැටිල. කන කර බඩු සින්න වෙන්න යනවා බැංකුවට ණය කාරයෙක් වෙලා. ටැක්ටරය ඇතුළු යන්ත්‍රෝපකරණ උකස් වෙන තත්ත්වයට පත්වෙලා. ගේදොර සින්න වෙන තත්ත්වයට පත්වෙලා ආණ්ඩුව මේවට වන්ඳි ගෙවනවාද නැද්ද පැහැදිලි වචනයක් නැහැ ගෙවනවා නම් එය කොච්චරක්ද ඒ විතරක් නෙමෙයි ගොවියාට වෙච්ච හානිය ප්‍රතිපුර්ණය කරගන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා ගෝඨාබය රාජපක්ෂ මහත්තයා ඇතුළු ආණ්ඩුව ගත්ත තීන්දුව නිවැරදි කරන්න කාලය ඇවිත් .නමුත් ආණ්ඩුව ඒක වැරදි තීන්දුවක් විදිහට පිළිගන්න ඕන එයට අවශ්‍ය විසඳුම් ටික දෙන්න ඕන. මහ කන්නයට වත් අවශ්‍ය පොහොර සහ යෙදවුම් ටික ගේන්න වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන  කෘමි නාශක වල් නාශක දිලීර නාශක නැති නිසා  එළවලු මිල අහස උසට ගිහින් වෛද්‍යවරුන් කියනවා රටේ එළවළු භාවිතය 50% කින් අඩු වෙලා කියලා. එතකොට සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා ඒ වගේම අපට දැනගන්න ලැබුණා නොවැම්බර් මාසයේ උද්ධමනය 11% ක් වෙලා තිබුණ එක දෙසැම්බර් වන විට 14.7% නැගලා එයට ප්‍රධාන හේතුව කෘෂිකර්මාන්තයට වෙච්ච හානිය හල් පරිභෝජනය අතින්  අඩුවෙලා තියෙන්නේ ඒ බව trading econamic වෙබ් අඩවිය කියනවා ආහාර උද්ධමනය ඉහළ යාම අතින් ශ්‍රී ලංකාව 12 වෙන තැනට ඇවිත් දවසගානේ බඩු මිල වැඩි වෙනවා. සතිය ගානේ බඩු මිල වැඩි වෙනවා සම්බා 150 ට ගිය සතියේ තිබුණා මේ සතිය 180යි කීරි සම්බා 230 මේ සතියේ 260 යි නාඩු 140 තිබුණා දැන් 178 වැඩි වෙලා සතියක් යනකොට විශාල ලෙස වැඩි වෙලා ගොවියා ට එල්ලකරපු බරපතළ හානිය නිසා අද සමස්ත පාරිභෝගිකයා ම අපහසුතාවයට පත්වෙලා මිනිස්සුන්ට වේලක් කන්න රුපියල් 2000/3000 අවශ්‍ය වෙනවා මේ තත්ත්වයට මේ ආණ්ඩුව වගකිව යුතුයි ගොවියාට විතරක් නෙමෙයි පාරිභෝගිකයාට සහන නැහැ කෝටි 229 සහන පැකේජ් එකක් දුන්නා එයින් මේ රටේ පාරිභෝගිකයන්ගෙන් කීයක් ද ආවරණය වන්නේ. රාජ්‍ය සේවකයාට විශ්‍රාමික යට යම් සහනයක් ඇති, කෝ පෞද්ගලික අංශයට සහන අනෙකුත් ස්වයං රැකියාලාභීන් කුලී වැඩ කරන කම්කරුවා ධීවරයාට කෝ සහන එම නිසා රජයේ සහන පැකේජ් එක රටේ 10%ත් ආවරණය වෙලා නැහැ කරන්න ඕන බඩු මිල අඩු කරන එකයි ඒ හරහා තමයි සමස්ත ජනතාවට සහනයක් ලැබෙන්නේ රජයට එවැනි වැඩපිළිවෙළක් නෑ.

එළඹෙන ජනවාරි 29 වැනිදා සෙනසුරාදා දිනයේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසබඩ දී සමගි ගොවිජන ප්‍රකාශනය එළිදැක්වීම සිදු වෙනවා. එය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හා ගොවි නායකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් පවත්වන බවද” නලින් බණ්ඩාර මහතා පැවසිය.

මෙ අදහස් දැක්වූයේ අද(25) විපක්ෂ නායක කාර්‍යලයේ දීය