බන්ධනාගාර ගතකොට සිටින විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.

මේ රටේ ලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් එම දෙදෙනා නිර්භීත පෙනී සිටි බවත් ඔවුන්ගේ සාධාරණ අයිතිය වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

ඔවුන් පෙනී සිටියේ ජනාධිපති අගමැති ඇතුළු පිරිස් වෙනුවෙන් නොව මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් බව ද ඒ මහතා පැවැසීය.