දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කාරණා ගැන සාකච්ඡාවට බඳුන් කළ “සිතමු” තීරු ලිපි පෙළ ඊයෙ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ග්‍රන්ථයක් ලෙස එළි දැක්වීය.

මෙම කෘතිය වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් දිවයින ඉරිදා සංග්‍රහයට ලියන ලද තීරුලිපි එක්කොට  කෘතියක් ලෙස එළිදක්වා ඇති අතර එම අවස්ථාවට පැමිණි ආරාධිතයින් මෙම කෘතිය ඉතා ඉහලින් අගය කරන ලදි.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ චන්දන සූරියබණ්ඩාර, තරිදු උදුවරගෙදර ආධී විවිධ මාධ්‍ය ආයතනවල කටයුතු කරන මාධ්‍යවේදීන් පමණක් නොව සරත් අමුණුගම, කරුණාසේන කොඩිතුවක්කු වැනි විද්වතුන් ද මෙම අවස්රථාවට සහභාගී විය.

https://fb.watch/mlwDIiUsRK/