ජනාධිපතිවරයා කේන්තියෙන් හෝ සැරෙන් කතා කළාට ඵලක් නොමැති බවත් ජනාධිපතිවරයා හා සමස්ත ආණ්ඩුවම අසාර්ථක වී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ඊයෙ ජනාධිපත් තුමා අපේ 2001-2019 කාලයේ දී 80% පමණ වැඩ නිමකර තිබූ මීරිගම අධිවේගී මාර්ගය විවෘත කළා.

එහිදී ජනාධිපතිතුමා කේන්තියෙන් වගේ කතා කළා ඒ කතාව තුළ සැර ගතියක් තිබුණා. අපට තේරෙන්නේ නැහැ ඒ තරම් කේන්තියෙන් කතා කළේ ඇයි කියලා එතුමාගේ ආණ්ඩුවක් තියෙද්දී ඇයි ඒ ආකාරයට කේන්ති ගන්නේ නමුත් මේ වනවිට එතුමාගේ කේන්තියට වඩා මේ රටේ ජනතාවට කේන්ති ගිහින් තිබෙනවා ඒ බව ජනාධිපතිතුමාට කියන්න ඕන එතුමා සැරෙන් කතා කරලා වැඩක් නැහැ එතුමා තමයි අවුරුදු දෙකක් මේ රට පාලනය කළේ .එතුමාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙනවා විධායක ජනාධිපතිවරයා හැටියට 19 අයින් කරලා 20 ගෙනල්ලා තවත් බලයකුත් තියෙනවා නමුත් මෙය අවුරුදු 2 තුළ එතුමාගේ ගමන අසාර්ථක වෙලා එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද ජනතාව ගෑස් පෝලිම් වල කිරිපිටි පෝලිම් වල ඉන්නේ ඒ් වගේම භාණ්ඩ වල මිල දවසින් දවස ඉහළ යනවා එක වේලක් කාලා ඊලඟ වේල කන්න බැරි වෙලා වගේම ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වෙලා දීපු සහන සියල්ල කප්පාදු කරලා ඒ නිසා ජනාධිපතිතුමාට වැඩිය ජනතාව කේන්තියෙන් ඉන්න බවත් මේ රටේ ජනතාවයි එතුමාගේ කාලය තුළ අමාරුවෙන් ජීවත් වෙන බවත් ජනාධිපතිතුමාට කිවයුතුයි. එම නිසා ජනාධිපතිතුමා කේන්තියෙන් කතා කරපු එක තේරුමක් නැහැ එතුමාට අපි කවුරුත් වරදක් කරල නැහැ එතුමාට මේ රටේ වරදක් ජනතාව වරදක් කරලාත් නැහැ විශාල බලාපොරොත්තු තියාගෙන ජනතාව හිටියා නමුත් ජනාධිපතිතුමාගේ අසාර්ථකභාවය උඩ එතුමාගේ කැබිනට් එකේ සිදුවෙච්ච වංචා දූෂණ සියලු දේවල් වෙනකොටත් ජනාධිපතිතුමා නිශ්ශබ්දව ඉන්නවා. එසේ ඉඳලා ඊයේ ඇවිත් සැරෙන් කේන්තියෙන් කතා කරන එක තේරුමක් නැහැ එතුමා විටින් විට සිංගප්පූරු යනවා බෙහෙත් ගන්න එම නිසා අපි කියනවා සෞඛ්‍ය ශරීරය ගැනත් කල්පනාවෙන් ඉන්න සැර වෙන්න එපා. එතුමා ඒ තරම් මානසික පීඩනයකට ලක්වෙලා සිටි බව තමයි අපට පේන්න තිබුණේ.එහිදී ජනාධිපතිතුමාට කියන්න සිදු වුණා එතුමා ගේ කාලේ පාලන කාලයේ අසාර්ථක වුණ බව.”