ආණ්ඩුවට ජනතාව අතරට යාමට නොහැකි තත්ත්වය නිසා පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති බවයි සමගි අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පවසන්නේ .
එතුමා කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීම තුලින් නැවතත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට හොරකම් කිරීමට හා කොමිස් ගැසිමට අවස්ථාවක් ලබා දී ඇති බවයි .
තව දුරටත් කියා සිටියේ ගෑස් පෝලිම් කිරිපිටි පෝලිම් නිර්මාණය වී ඇති බවත් ආණ්ඩුව ආර්ථික පරිහානියට පත් කර ඇති බවයි.
වැඩි දුරටත් ප්‍රියන්ත පත්බේරිය මහතා කියා සිටියේ ඉදිරියේදී පවත්වන මැතිවරණයක දී සමගි ජන බලවේගය මගින් පොහොට්ටුව පරාජය කරන බවයි .
මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේග ප්‍රධාන කාර්යලයේ දීය.
සටහන – CJ