ඊයේ නියෝජ්‍ය කතානායක ධූරය තෝරා ගැනිමේ අවස්ථාවේ දී ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වු රංජිත් සියබලාපිටිය මහතාට ආණ්ඩුව සහයෝගය ලබා දෙන බව ආණ්ඩුවේ ජී.එල් පිරිස් මහතා පැවසූ බවත් ස්වාධීන කණ්ඩායම ආණ්ඩු විරෝධ් නම් එය ඉල්ලා අස් කර ගැනිමට ඔවුන්ට තිබු බවත් එය එසේ කළානම් නිතරගයෙන් ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට කතානායක ධුරයට තේරි පත් විමට අවස්ථාව තිබු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ස්වාධීන කණ්ඩායම සිදු කරන්නේ සම්පූර්ණ බොරුවක් බවයි.

ස්වාධීන කණ්ඩායම ආණ්ඩු විරෝධ් නම් විපක්ෂයෙන් ඉදිරිපත් කළ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට සහයෝගය ලබා දිමට තිබු බවත් එසේ නොකළ එය වසා ගැනිමට දැන් විපක්ෂ නායකතුමාට විවිධ අසත්‍ය චෝදනා විස්තරයට එල්ල කරමින් සිටින බව ද, අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා පැවසීය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ස්වාධීන කණ්ඩායම ආණ්ඩු විරෝධි නම් ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන බව පැවසූ පසු ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් කළ ඇති රංජිත් සියබලාපිටිය මහතාගේ නම ඉල්ලා අස් කර ගැනිමට තිබුණු බව ද, කියා සිටියේය .

සමගි ජන බලවේගය රාජපක්ෂවරු සිටින තෙක් ආණ්ඩු කිරීමට සුදානම් නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය .

ඊයේ විපක්ෂයෙන් ඉදිරිපත් කළ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට ආණ්ඩුවේන් 4ක් 5ක් ඡන්ද ලැබි ඇති බව ද, කියා සිටියේය .

සටහන – CJ