විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස අද දිනයේදී වරාය පොලීසියට පැමිණීමට උත්සාහ කළත් පොලීසිය ඔහුට පොලීසියට ඇතුළුවීම වැලැක්වූවේය.

අත්අඩංගුවට ගෙන වරාය පොලීසියේ රදවාගෙන සිටි ගුරු සංගම් නියෝජිතයින් බැලීමට විපක්ෂ නායකවරයා ගිය අතර ඒ අවස්ථාවේදී වරායේ ගේට්ටු වසමින් සජිත් පේ‍්‍රමදාසට එහි ඇතුළුවීම වැලැක්වූවේය.

ඊයේ දිනයේදී තමන්ට මෙහි යාමට අවස්ථාව ලැබුණත් අද දිනයේදි විපක්ෂ නායකවරයාට පොලීසියට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙමින් බාධා කළ බව මෙහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා කීවේය.

පොලීසිය තුළට යාම තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බවද එයට පොලීසිය ගරු කළ යුතු බවද සජිත් පේ‍්‍රමදාස මෙහිදී පැවසුවේය. අත්අඩංගුවට ගත් ගුරුවරුන්ගේ තත්වය විමසීමට මහජන නියෝජිතයෙක් ලෙස එහි යාම තමන්ගේ වගකීමක් බවද විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.