දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව රටට ඉදිරියට ගමන් කළ නොහැකි බවත් දේශපාලන අස්ථාවරත්වය ඉවත් කිරීමට විසදුම් ලබා දී රට අරාජික තත්ත්වයෙන් මුදවා ගෙන ජනතාව ආරක්ෂා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය සුදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .

ඔහු කියා සිටියේ කොන්දේසි 4කට යටත්ව අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතා ලබා ගැනිමට සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බවයි .

රාජතාන්ත්‍රික විශාල පිරිසක් හා අර්ථික විශේශඥයින් විශාල පිරිසක් සමග පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කළ බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

මාධ්‍ය හා කෙටිකාලීන සැලසුම් අනුව රට ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනතාවගේ මුලික අවශ්‍යතාව සපුරාලීමට කඩිනම් පියවර ගන්නා බව ද, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ