අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ඇති මොහොතක, ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක,ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙසත්,සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය ඇමතිවරු 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත්කොට තිබේ.

මේ අතිවිශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බව සමගි ජනබලවේගය දැඩිව විශ්වාස කරයි.මේ නාස්තිකාර තත්ත්වය පිළිබදව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බවයි.

ඒ අනුව, මේ අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය අද(08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

මාධ්‍ය අංශය
සමගි ජන බලවේගය