අද නාමයෝජනා බාරදීමෙන් පසුව පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට ඩලස් අලහප්පෙරුම, අනුර දිසානායක, වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වූ අතර සජිත් ප්‍රේමදාස මහතා ඩලස් අලහප්පෙරුම මහතාට සහය දෙන බව ප්‍රකාශ කළා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අද පස්වරුව වන විට ඩලස් අලහප්පෙරුම මහතාට චන්දය ප්‍රකාශ කරන බව සදහන් කල අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් ඩලස් අලහප්පෙරුම මහතාට චන්දය ප්‍රකාශ කරන බවට දැනුම් දී තිබෙනවා.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ඩලස්ට

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කර ඇත.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගත් බව එහි නායක මනෝ ගනේෂන් පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද අලහප්පෙරුම ට සහය දැක්වීමට තීරණය කර තිබේ.