ගහෙන් ගහට කොටන කොටිටෝරුවා කෙසෙල් ගසට කෙටු දාට හොට පැටලි මහා අලකලංචියක් වන බවට  වු කියමනක් අප අතරේ තිබෙනවා .අද එවනි සිදුවිමක්දෝයි සැක කල හැකි කතාවක් මතුව එන්නේ පාස්කු දින ප්රහාරය ගැන ආණ්ඩුව කතෝලික සභාව සමග පැටලෙන අන්දම සියුම් ලෙස විමසන විටයි .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලය ලබාගැනීමට පාලමක් කරගත් ප්‍රධාන සිදුවිමක් කරගත්තේ ද එම ප්‍රහාරයයි.එදා ගොඨාභය ප්‍රමුඛ පිරිස කිවෙි මෙම ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවයි.බලයට පත් වු වහාම වගකිවයුතු පිරිස නිතිය හමුවට රැගෙන එන බවත් වින්දිතයනට සාධාරණය ඉටුකරන බවත්ය  .කාදිනල් හිමි පවා එම ප්‍රකාශ විශ්වාස කරමින් යහපාලන ආණ්ඩුව පරාජයට පත්කිරීමට වක්‍ර දායකත්වයක් ලබාදුන් බව නොරහසකි .ප්‍රහාරය සිදුවි මාස තුනක් යන්නට මත්තෙන් සියලුම දේවස්ථාන ප්‍රතිසංස්කරණය කල සජිත් පේූමදාස මහතාට අවාසිදායක ලෙස කාදිනල් හිමි හැසිරුනේ ද රාජපක්ෂ වරුන් දැඩි ලෙස විශ්වාස කරමිනුයි
කාදිනල් හිමිපාණන් පැවසුවෙි රාජපක්ෂ ජනාධිපතිවරයා සාධාරණය ඉටුකරන බවට තමා විශ්වාස කරන බවයි .

පාස්කු කොමිසම වාර්තාව ජනාධිපතිවරයාට ලබා දුන් පසු එහි සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරිමට අපහසු බව ජනාධිපතිවරයා තමාට කියු බව කාදිනල් හිමිපාණෝ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් දැන් සදහන් කිරිමත් තමන්වහන්සේලා බරපතල ලෙස රැවටීම ලක්ව ඇතැයි ද කාදිනල් හිමිපාණන් ඇතුළු පියතුමන්ලා විවිධ අවස්ථාවල සදහන් කර තිබෙි.

ආණ්ඩුව මගින් සාධාරණය ඉටුකර ගැනිමට කතෝලික සභාව විවිධ බලපෑම් ද එල්ල කලා.කලු කොඩි එසවිම කලුඇදුමෙන් සැරසී දේවමෙහෙයනට සහභාගි විම වැනි ක්‍රියාදාමයන් රැසක් සිදු කලද අපේක්ෂිත සාධාරණය ආණ්ඩුව ඉටුනොකරන විට කාදිනල් හිමි කිවෙි ගැටලුව ජාත්‍යන්තරයට වුවද රැගෙන යාමට පසුබට නොවන බවයි.

ඒ පිළිබඳව චෝදනාව ආණ්ඩුව බාරගත යුතු බවයි කතෝලික සභාව සදහන් කලේ.
වතිකානයේ පිහිටි යුක්තිය සාමය සාධාරණය පිළිබඳ ශුද්ධාසනයේ කාදිනල් හිමිපාණෝ එවු ලිපියක් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරමින් කතෝලික සභාව කිවෙි සාධාරණය ඉටුකරන මාර්ගය දෙස වතිකානුව විමසිල්ලෙන් සිටින බවයි .

හිටපු නිතිපති දප්පුල ලිවෙිරා කිවෙි මෙය බරපතළ කුමන්ත්‍රණයක් බවයි.ඔහු ඒ බව කියා සිටියේ ද කාදිනල් හිමි සමගයි.ඒ මොහෝතෙදි ද කාදිනල් හිමි ජනාධිපතිවරයාගෙන්. ඉල්ලා සිටියේ කොමිසමේ සමිපුර්න වාර්තාවට අනුව පියවර ගන්නා ලෙසයි .එමෙන්ම ක්‍රියාත්මක කල හැකි දේ විමසිමට ක්‍රියාවලියක් අරඹන ලෙසයි .ජනාධිපතිවරයා එවිට සිදුකලේ වාර්තාව විමසා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඇමැති කමිටුවක් පත් කිරිමයි.කාදිනල් හිමි පවසන්නේ එමගින් මෙය දේශපාලනකරණය වු බවයි.

එක්සත් ජාතින් ගේ මානව හිමිකම් ⁣කමිටුවෙි කොමසාරිස් මිෂෙල් බෂලේ මහත්මිය ද සැප්තැම්බර් මස ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කල වාර්තාවේ පාස්කු දින ප්රහාරයෙන් විපතට පත් වුවනට සත්‍ය සහ යුක්තිය ඉටුකිරීම දිනෙන් දින ප්‍රමාද වන බව ද පෙන්වා දි තිබෙනවා .

මෙම තත්ත්වය තුළ කතෝලික සභාව දිගින් දිගටම ආණ්ඩුවට කිවෙි පිළිගත හැකි පිළිතුරක් ලබාදෙන ලෙසයි ඔක්තෝබර් විසි එක්වනදා කොචිචිකඩෙි ශාන්ත අනිතෝනි දේවස්ථානයේ පැවැති යැදුමි මෙහෙයට එක්වෙමින් කදිනල් හිමියන් කල ප්‍රකාශය අතිශය බරපතලය.

පාස්කු දින ප්‍රහාර වසර දෙක හමාරක් සපිරෙන දිනය වු එදින  උන්වහන්සේ ප්‍රකාශ කලේ ‘ අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න කවුරුන් හෝ උත්සාහ කලොත් හෝ උත්සාහ කලානමි දෙවියන් වහන්සේ ගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිලි ඔවුන්ට ඒ බලය විදින්නට කවදාවත් නොලැබෙන බවයි ‘වැඩි දුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් නිවරැදිරුවන් නමි මෙිවාට සමිබන්ධ නැතිනම් මෙි විමර්ශනය ස්වාධීනව කල යුතුයි .වැරැදිකරුවන් ලෙස ජනාධිපති කොමිෂන් සභාව හදුන්වා දී ඇති අයට විරුද්ධව කටයුතු කළ යුතුයි .නමුත් ඔවුන් ආරක්ෂා කරන්නේ තමනුත් ඒ වරදේ කොටස් කරුවන් නිසාද කියා අපට ප්‍රශ්නයක් එනවා .

කාදිනල්හිමි ගේ දෙසුමෙි යටිපෙල කතාව කෙතරමි බරපතළ ද ?බලය ලබා ගැනීමට මෙම ප්‍රහාරය සැලසුම් කලානමි ඒ කවුද ?
ඔක්තෝබර් විසිතුන් වනදා සුමි රැස්වීමකට එක්වෙමින් කාදිනල් හිමියන් කියන්නේ අවසානයේ යුක්තිය ඉටුවන්නේ නැහැ යනුවෙන් .

මෙහි බරපතළම සිදුවිම එම රැස්වීමට එරෙහිව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිනිල්ලක් පිළිබඳව විමර්ශනයක් ඇරබිමයි.කාදිනල් හිමි
පානන් සමග එම සාකච්ඡාවට එක්වු සමාජ හා සාමාජික කේන්ද්‍රයයේ අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ජුලියන් පැටිූක් පියතුමන්ලා කල ප්‍රකාශ ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවතවනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කොට ඇත්තේ අපරාධ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 120 128 484 485 යන වගන්ති යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමිමුති පණත යටතේ දඩුවම් ලැබිය හැකි වරදවල් ලෙස සලකා පරික්ෂණ කරන බවයි .

ආණ්ඩුව හොට පටලවාගෙන ඇති බව පැහැදිලියි .සුපුරුදු පරිදි පැමිනිල්ල විත්තිකරු කොට විත්තිකරු පැමිනිලිකරු කරන්නට උත්සාහ දරයි .අහිංසක දරුවන් පැහැර ගත්තවුන් නිදොස් කොට නිදහස් කලාක් මෙන් මිනිස් ඝාතන වරදකරුවන් නිදොස් කොට නිදහස් කලාක් මෙන් එම සිදුවිමි විමර්ශන නිලධාරින් චුදිතයින් කලාක් මෙන් පාස්කු දින ප්රහාරයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් හඩ නගන කාදිනල් හිමි ඇතුළු පියතුමන්ලා කතෝලික සභාව විත්ති කුඩුවට කැදවිමට මෙිජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ දරන උත්සාහය එකක් කඩතොලු මකා ගන්නට දෙකක් කඩතොලු හදා ගත් ඉදුරුවෙි ආචාරියා මෙන් වෙිවි ද ?මන්ද  අභියෝගය වතිකානුවටයි.වියතුන්ගේ චින්තනයෙන් ශ්‍රී ලංකාව ඉල්ංකාවක් වෙමින් පැවතීම සෞභාග්‍යයේ අභාග්‍යයයි.

ටර්මිනේටර් විසිනි ..