පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ ත්‍රීපුද්ගල විනය කමිටු නිර්දේශ ප්‍රකාරව  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව  මෙම තීරණයට එළඹියේ ය.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනියක වු ඩයනා ගමගේ  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව තම ඡන්දය ලබා දුන් අතර එය සමගි ජනබලවේගයේ ස්ථාවරය  උල්ලංඝනය කිරීමක් විය.
සමගි ජනබලවේගයේ ස්ථාවරය  උල්ලංඝනය කිරීම පිලිබදව ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් විනය කමිටුව හේතු දක්වන ලෙස අවස්ථා පහකදී ඇයට දන්වා සිටි නමුත් ඒ අවස්ථා පහේම ඇය සාධාරණ හේතු නොදන්වා ඊට සහභාගි නොවීය.