දිවුරුම් දුන් දා රිදී රේඛාව, පැය දොළහෙන් ඉවරයි. අවස්ථාවාදී දේශපාලනය අපි ගාව නැහැ. 

සුබවාදී රටක් ගොඩනැගීම වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම උදෙසා තිබූ බලාපොරොත්තුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින්ම නැති කරගත් බවත් එහෙත්, අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බවත් ආණ්ඩුවට එක් නොවී, රට ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස්ව අරගල කළ පුරවැසි අරගල කරුවන්ට එරෙහිව ආණ්ඩුව දැන් අමුතු කතා කියන බවත්,ඇත්ත වශයෙන්ම ප්‍රචණ්ඩත්වය ආරම්භ වූණේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමුගැනීමේ “අරලියගහ මන්දිර මෙහෙයුමේ දී බවත්” විපක්ෂ නායකතුමා පැවසීය.

එය සාහසික ඔලමොට්ටලකමක් බවත් එයින් සිදුවූ විනාශය ශිෂ්ට සම්පන්න කිසිවකුට අනුමත කළ නොහැකි බවද පැවසීය.

මේ මොහොතේ හදිසිය ගැන කතා කරනවා. හදිසි ගැන කතා කරනකොට අපිට පේනවා හදිස්සිය දෙයාකාරයකින් අද රටේ පොදු ජනතාවට තියෙනවා ලොකු හදිස්සියක්. පෙට්‍රල් නැති හදිස්සිය. රටේ ජනතාවට තියෙනවා ඩීසල් නැති හදිස්සිය. භූමිතෙල් නැති හදිස්සිය. ගෑස් නැති හදිස්සිය.  අම්මලාට දූ දරුවන්ට කිරි පිටි නැති හදිස්සිය. සිමෙන්ති කොට්ටයක් ගන්න බැරි හදිස්සිය. පෝලිම් වල ජනතාව කලන්තේ දාලා රෝහලකට ගෙනියන්න බැරි හදිස්සිය.  පෝලිම් වල මැරී වැටෙන හදිස්සිය. ඉඩමක් ගන්න බැරි හදිස්සිය. කොටින්ම කිව්වොත් නිවාස ණයක් වත් දීගන්න බැරි හදිස්සිය. බංකොලොත් රටක, බංකොලොත් රාජ්‍යයක, අපි දැක්කා සුසිල් ප්‍රේමජයන්ත එතුමා ආමන්ත්‍රණය කරනවා කොච්චර ආමන්ත්‍රණය කරත් අද දවසේ මේ මොහොතේ, දරුවන්ට පාසල් වලට යන්න බැහැ. ප්‍රවාහනය නැහැ. අධ්‍යාපනය ගැන ලොකු හදිස්සියක් තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ලොකු හදිස්සියක් තියෙනවා.  ඖෂධ නැති හදිසියක් තියෙනවා. ශල්‍යකර්ම කල් දැමීම ගැන හදිස්සියක් තියෙනවා.  ගිලන් වෙච්ච ලෙඩ්ඩුන්ට බෙහෙත් ලබාදීම ප්‍රමාද වීමේ හදිසියක් තියෙනවා. ගොවියාට පොහොර නැති හදිස්සියක් තියෙනවා. ගොවියාට වන්දි නොලැබුණු හදිස්සියක් තියනවා. ගෑස් පුපුරපු, සිලින්ඩර පුපුරපු අයට වන්දි නොලැබුන හදිස්සියක් තියෙනවා. ධීවර ජනතාවට තෙල් ටික නැතුව රස්සාව කරගන්න බැරි හදිස්සියක් තියෙනවා. දිනපතා පුංචි ආදායමක් ලබන ඒ මනුස්සයගේ ආදායම නැතිවීමේ හදිස්සියක් තියෙනවා. ස්වයං රැකියා කරන මේ රටේ අසරණ අයට හදිස්සියක් තියෙනවා. කාන්තා මූලික පවුල් වලට හදිසියක් තියෙනවා. ආබාධිත ජන ප්‍රජාවට හදිස්සියක් තියෙනවා. කුලියට වැඩ කරන මනුස්සයට හදිස්සියක් තියෙනවා. රාජ්‍ය සේවකයා අද තමන් ගත්ත ලෝන් එකට මුළු වැටුප ම කැපෙන කොට එතන හදිසියක් තියෙනවා. අම්මලාගේ දරුවන්ගේ මන්දපෝෂණය එන්න එන්න ම ඇස් ඉදිරිපිට්ස්ම  වැඩිවෙනකොට හදිස්සියක් තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩා වැටෙන කොට බිඳවැටෙන කොට විනාශ වෙනකොට හතලිස් පන් ලක්ෂයකට ජීවනෝපාය අහිමි වෙනකොට හදිසියක් තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය එන්න එන්නම ක්ෂය වෙනකොට එතන හදිස්සියක් තියෙනවා. ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම විනාශ මුඛය කරා යනකොට එතන හදිසියක් තියෙනවා. රැකියා අහිමි වෙනකොට ලොකු හදිස්සියක් තියෙනවා.  මේ රටේ ශක්ති ශක්තිසම්පන්න බුද්ධිමතුන් පිටරට යනකොට රට අතහැරලා බුද්ධි ගලනය සිදුවෙන කොට එතන හදිස්සියක් තියෙනවා. වේල් තුන පිරිමහ ගන්නට බැරිව ජනතාව හූල්ල හූල්ල ඉන්න කොට එතන හදිස්සියක් තියෙනවා. අහිංසක පවුල් ඒ දුවාදරුවන් ගමේ ඉන්න වැවට බැහැල වැවේ අල ටිකක් හාරගෙන කන්න හදනකොට ඒ පුංචි මනුස්සයගේ අඳෝනාව හදිස්සිය තියෙනවා. හිඟමනේ ගිහිල්ලා මුදල් ටිකක් හොයාගන්න මනුස්සයට ඒ ටිකවත් ලබා ගන්නට බැරිව ඉන්නකොට  ලොකු හදිස්සියක් තියෙනවා. ත්‍රී රෝද රථ රියදුරාට තමන්ගේ ජීවනෝපාය කරගෙන යන්නට බැරි වෙනකොට එතන හදිස්සියක් තියෙනවා. ලීසිං වාරික ගෙවා ගන්න බැරි කොට ඒ මනුස්සයන්ට ඒ පොදු ජනතාවට ලොකු හදිස්සියක් තියෙනවා. අලුතින් covid හිස ඔසවනවා කියලා ආරංචියක් තියෙනවා. monkeyfox කියලා වෛරසයක් WHO එක අවදානමට ලක් කරපු ඒ වෛරසය එතනත් හදිස්සියක් තියෙනවා. මෙන්න මිත්‍රවරුනි, මිනිස්සු ජීවත් කරන හදිස්සිය. මේක තමයි මේ මහ පොළොවෙ හදිස්සිය. මේක තමයි සත්‍යවාදී හදිස්සිය. මේක තමයි යථාර්ථවාදී හදිස්සිය. 

නමුත් අද මොකක්ද මේ විවාද කරන හදිස්සිය? මේ  විවාද කරන හදිස්සිය තමයි තර්ජනය, ගර්ජනය , මිලේච්ඡත්වය ,රාජ ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන හදිස්සිය. ඒකයි මේ හදිස්සිය. 

දැන් මෙතන මේ සභාව ආමන්ත්‍රණය කරපු ගරු අග්‍රාමාත්‍යතුමා ඔබතුමාට සුබ පතන්න මට බැරි වුණා. මම සුබ පතනවා. ඔබතුමාගෙන් දිවුරුම්දීමට පැමිණෙන්නට මම සැලසුම් කරලා හිටියේ. නමුත් ඔබතුමාගේ ම ආණ්ඩුවේ මිලේච්ඡ ක්‍රියාව තුළ මට එන්නට බැරි වුණා. පිළිබඳව මම කණගාටු වෙනවා. ඔබතුමාට සුබ පතනවා. ඒ වගේම සභානායක තුමාටත්  අවංකවම සුබ පතනවා. ඔබතුමා මං හිතන්නේ ජනාධිපතිතුමාගේ සිහිනය සැබෑ වුණා. මං හිතනවා පළපුරුදු නායකයින් හැටියට ඔබතුමන්ලා දෙපළගෙත් සිහිනය සැබෑ වුණා. ඒක ගැන අපි සතුටු වෙනවා. නමුත් අමතක කරන්න එපා ලක්ෂ 220 කගේ සිහින කුඩුපට්ටම් වෙලා තියෙනවා.  ඔබ තුමන්ලාගේ සිහින සැබෑ වුනා. නමුත් තමුන්නාන්සේලාගේ , තමුන්නාන්සේලා අපි සියලු දෙනා නියෝජනය කරන ලක්ෂ 220 අනාථ වෙලා තියෙනවා. ඒක අමතක කරන්න එපා. 

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,  මොකක්ද මහපොලොවෙ සත්‍යය?  ගරු අගමැතිතුමනි, සභානායක තුමනි මාස ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමීව උද්ඝෝෂණ සිදු වුණාද නැද්ද? මොකක්ද ඇත්ත? මොකක්ද බොරුව?  එතන ත්‍රස්තවාදයක් සිදු වුණේ නැහැ. බොහොම සාමකාමීව තමන්ගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය ඒ ජනතාව ක්‍රියාත්මක කරා.  මොනම අවස්ථාවකවත් ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කළේ නෑ. ගරු අග්‍රාමාත්‍ය තුමනි කොතනද ප්‍රචණ්ඩත්වයේ මුල?  කවුද ප්‍රචණ්ඩත්වයේ පීතෘවරයා? හිටපු අගමැති තුමා.  මුල temple trees.  මුල අරලියගහ මන්දිරය.  කරුණාකරලා මේ සභාව නොමඟ යවන්න එපා.  මේ ත්‍රස්තවාදයක් ගැන කතා කරලා.  

දැන් ප්‍රචණ්ඩත්වයේ ඒ අළුගෝසු දේශපාලන කණ්ඩායම් දැන් තමන්ට රිසි රිසි සේ සමාජයට ඇවිල්ලා අමුතුම කතා කියනවා.  නමුත් ප්‍රචණ්ඩත්වය ආරම්භ වුණේ අරලියගහ මන්දිරමන්දිරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමු ගැනීමත් සමග බව කරුණාකරලා අමතක කරන්න එපා.  කරුණාකරලා කවුරුත් මේ සභාව නොමග යවන්න එපා. 

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,  අපි කිසිම දවසක නොසිතූ විරූ ආකාරයෙන් මහා දැවැන්ත ජන බලවේගයක් නිර්මාණය වුණා. මම සත්‍යය කියන්නට ඕනේ. මමවත් හිතුවේ නැහැ මේ වගේ මහජන බලවේගයක් නිර්මාණය වෙයි කියලා.  අගමැතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා.  හැබැයි එකක් මං කියන්න ඕනි බොහොම පැහැදිලිව. ඔබතුමා හොඳින් දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර ගානක් විවිධ තලවල නියෝජනය කරපු පුද්ගලයෙක් හැටියට, අපි ප්‍රචණ්ඩත්වයට පක්ෂ ද විපක්ෂ ද කියන එක. මොනම හේතුවකටවත් කිසිම දවසක අපේ දේශපාලන ගමන් වල අපි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරලත් නැහැ. කරන්නෙත් නැහැ. කරන්න යන්නෙත් නැහැ. ඒ නිසා මං පැහැදිලි ව කියන්න ඕනි temple trees එකෙන් පටන් ගත්ත ත්‍රස්තවාදය දවස පුරාම ක්‍රියාත්මක වුණා විවිධ තලවල ත්‍රස්තවාදය. මම කියනවා ඒකට ත්‍රස්තවාදය කියලා. මම එදත් කිව්වා. ත්‍රස්තවාදය මිලේච්ඡත්වය කුරිරු ක්‍රියාවන්, කිසිම කෙනෙකුට අයිතියක් නෑ තවත් කෙනෙකුගෙ ව්‍යාපාරික ස්ථානය ගිනිබත් කරන්න, නිවෙස ගිනිබත් කරන්න. මන්ත්‍රීවරු හෝ සිවිල් පුරවැසියන් මරා දමන්න. ශාරීරික හානි කරන්න. ඒක මනුෂ්‍යත්වය නෙවෙයි.  මිනිස්සු එහෙම හැසිරෙන්නේ සිවිල්  සමාජයක මැදි ආදායම් ලබනවා කියන රටක වඩා ප්‍රශස්ත යුක්ති සහගතව ගුණ ගරුකව ඒ මනුස්ස සංහතිය හැසිරෙන්නට ඕනි.  ඒකයි අපි පිළිගන්න ප්‍රතිපත්තිය. නමුත් අපි දන්නවා හොඳින්  එදා බුද්ධි අංශ සහ සියලුම අංශ ඇස්තමේන්තු කළේ පන්දාහක් දා දාහක් එයි කියලා.  ආපු ගාන අපි හැමෝම දන්නවා.  හැබැයි අපි කවදාවත් හිතුවේ නැහැ 69 ලක්ෂයක් ඡන්ද ගත්ත ජනාධිපතිවරයාට  රටෙන් පිට වෙන්න සිදු වෙයි කියලා.  අපි හිතුවා ජන බලවේගයට සවන් දීලා ඉල්ලා අස් වෙයි කියලා. අපි හීනෙකින්වත් හිතුවේ නෑ මේ සිදුවුන දේ.  මෙන්න මේ කාරණාව 225ම හිතේ තබා ගත්තොත් හොඳයි. කවුරුහරි හිතනවනම් තමන්ගේ සැටිස් එකට තමන්ගේ ස්වකීය පෝෂණයට තමන් ගේ උද්දාමයට, තමන්ගේ ego එක satisfi කරගන්න දේශපාලන ගෙම්බෝ වගේ එහාට පනින්නයි මෙහාට පනින්නයි අවසානයේ ජනතා අධිකරණයට  ජාත්‍යන්ත වාදී ක්‍රමවේදය තුළ ඒවාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.  ඒක 225ම දැනගත්තොත් හොඳයි කියන එක මං කියන්න කැමතියි. 

විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි,  අලුත් ජනාධිපතිවරයෙක් වුණා.  පත්වුණු ක්‍රමවේදය ආපු ආකාරය ගැන ප්‍රශ්න තියෙනවා. ගැටලු තියෙනවා.  මනාප වත් ගණන් නොකර පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අගමැතිකමට ඇවිල්ලා, ජනාධිපතිකමට ගියා. ඒවා ගැන තර්ක විතර්ක තියෙනවා ගණනාවක්. ඒවා මම විග්‍රහ කරන්න යන්නේ නෑ. ව්‍යවස්ථා ක්‍රමවේදය තුළ  එතුමා ජනාධිපතිවරයා. ඒ ජනාධිපතිවරයාට ලබා දිය යුතු ගරුත්වය අපි ලබා දෙනවා. ආපු ආකාරය ගැන විවේචන තියෙනවා. ඉතිං ඇත්තවශයෙන්ම මමත් , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාත් ඒ ජනාධිපතිවරනය කියලා මම කියන්නේ නැහැ.  ජනාධිපතිවරයා ඉල්ලා අස් වීම තුළින් පුරප්පාඩු වූ තේරීමට ඉදිරිපත් වුණු ඩලස් අලහපෙරුම මැතිතුමත් එක්ක අපි දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වුණා. වටිනවා ඔබතුමා වෙනුවට කථානායකතුමා මූලාසනය  සිටියානම්, නමුත් දිනේෂ් ගුනවර්ධන වර්තමාන මැතිතුමා ඒ වෙලාවේ හිටියා. අපි පක්ෂ නායක සාකච්ඡාවක් කරා. ඔබතුමාට මතක ඇති ඒ සිදුවුණු කතාබහ.  එක වෙලාවකට හොඳයි කථානායකතුමා නැති එක.  මොකද ඔබතුමා මං හිතනවා සත්‍ය තහවුරු කරයි කියලා. එතුමා එක වාරයක් මේ කෙරුවයි කියපු දේ නැහැයි කියපු මනුස්සයෙක්.ඒ නිසා මම කැමැතියි ඔබතුමාට ඒක තහවුරු කිරීමේ අවස්ථාව ලබා දෙන්න.   දිවුරුම් දුන්න ජනාධිපතිවරයාත් එක්ක අපි කතා කරා.  එතුමාත් කතා කරා. මොනවද එතුමා කිව්ව කාරණා. එතුමා සතුටු වෙනවයි කිව්වා පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දීම ගැන.  එහෙම නේද අගමැති තුමා?  ඒකෙන් එතුමා අදහස් කළේ මොකක්ද?  පාර්ලිමේන්තුවට බලය ලබා දීලා පාර්ලිමේන්තු එම ක්‍රමවේදය තුළ අපි එකට එකතු වෙලා වැඩ කටයුතු කරමුයි කියලා.  ඔබතුමාත් දැන් මාව ආමන්ත්‍රණය කළා.  මම විශ්වාස කරනවා ඒ ආමන්ත්‍රණය කළේ එකට එකතු වෙලා රට වැටිල තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්නය කියන කාරණාව.  ඔබතුමාට මතක ඇති ජනාධිපතිතුමා කිව්වා තවදුරටත් හුස්ම වැඩසටහනෙන් උදව් කරන්න කියලා. මං මේ සභාවේ කියනවා ඔව් තවදුරටත් අපි අපේ රටේ ජනතාවට අපි අපේ රටේ 220 ට අපේ මාතෘභූමියට ඒ ආධාර උපකාර ටික,ඒ ශක්තිය ලබාදෙනවා.   එතුමා කිව්වා එකට එකතු වෙලා වැඩ කරමු යි කියලා. ඇත්තම කියන්නම්, අපිට ලොකු හැඟීමක් ආවා ඔව් දැන් වුන දේවල් ඔක්කොම සිද්ධ වුණා.  දැන් ජනාධිපතිවරයෙකුත් පත් වුණා.  අපි කොහොමහරි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනි කියන ඒ අදහස අවංකවම අපිට ආවා. මම එන ගමන් අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාටත් ඒක ගැන කිව්වා.  නමුත් ගරු අගමැතිතුමනි,  මොකක්ද එදා රාත්‍රියේ සිද්ධ වුණේ?  මන් දන්නෑ මොන ඔලමොට්ටලයා මේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට මේ උපදෙස දුන්නද කියලා. මහා ගොන් තීන්දුවක්.  වෙන වචන නෑ කියන්න.  මහා ඔලමොට්ටල තීන්දුවක්. එදා රාත්‍රියේ එම හිංසනය.  වෙන වචන නෑ කියන්න. එදා රාත්‍රියේම හිංසනය,  මිලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරා.  එහෙව් දේවල් කරලා ඔබතුමන්ලා හිතනවද අපි ආණ්ඩු කරන්න එනවයි කියලා.  මං පැහැදිලිව එකක් කියන්නම්.  සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ අපි  සූදානම් නැහැ ඒ වගේ  ජන මතයට විරුද්ධව පාවාදෙන තීන්දු ගන්න. පැහැදිලිවම කියනවා.  එහෙම ක්‍රමවේදයකට අපට යන්න බැරිනම් මට තියෙන්නේ පුද්ගලිකව දේශපාලන වශයෙන් විශ්‍රාම යන්න.  මම ඒක පැහැදිලිවම කියනවා. අපි ප්‍රතිපත්තිගරුකව එක තැනක ඉන්නවා.  අපි යන්නේ නෑ ඒ පැත්තට මුක්කු ගහන්න. මේ පැත්තට මුක්කු ගහන්න.  විසිහතර පැයම තුන්සිය හැටපස් දවසම  තමන්ගේ මතිමතාන්තර වෙනස් කරගන්න  කවුරු උදෙසාද,  රට වෙනුවෙන් නෙමෙයි. තමන්ගේ පුද්ගලික වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ උදෙසා.  අපි සූදානම් නෑ  ඒ මජර දේශපාලන සංස්කෘතිය ට අත් උස්සන්න.  

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,  දිවුරුම් දෙන අවස්ථාවේ අපි දුටු  රිදී රේඛාව,  අද අන්ත අන්ධකාරය බවට පත්වෙලා.  කවුද ගෝඨා go ගම ස්ථානයේ හිටියෙ,  අම්මලා හිටියා.  කුඩා දරුවෝ හිටියා.  ආබාධිත රණවිරුවන් හිටියා.  ආබාධිත ප්‍රජාව හිටියා. සිවිල් පුරවැසියන් හිටියා. මාධ්‍යවේදීන් හිටියා.  ගරු නියෝජ්‍ය නියෝජ්‍ය කතානායකතුමනි, මේ සියලු දෙනාම ඊළඟ දවසේ හවස දෙක වෙනකොට ඉවත් වෙනවයි කියල තිබුනෙ.  ඒක ආරක්ෂක අංශවලට වලට දැනුම් දීලා තිබුනේ.   එහෙම තියෙද්දි ඇයි මේ මිලේච්ඡත්වය , ඇයි මේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළේ කියන එක මට නම් හිතාගන්න බෑ. ඒකයි මට හිතාගන්න බැරි මොන  ඔලමොට්ටල උපදේශකවරු ද  , මටනම් හිතන්න බෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ අත්දැකීම් තියෙන පුද්ගලයෙක් ඔය වගේ  උපදෙසක් තුළ මේ වගේ ඔලමොට්ටල ක්‍රියාවක් කරයි කියලා. ඔය වගේ තකතීරු ක්‍රියාවක් කරයි කියලා.  ඊළඟ දවසේ දෙකට යනවයි කියලා නිවේදනය කරලා තිබියදීත්,  පරදවා අර්ථකථනය කරන්න එපා. එකක් මතක තියාගන්න. ප්‍රචණ්ඩත්වය රජය කරත්, සිවිල් පුරවැසියන් කරත්  ඒ ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධයි. මේවා වැරදි විදියට අර්ථකථනය කරන්න එන්න එපා. මම දන්නවා මේවාට එක එක කතා ගොතන්න පුළුවන්. බොහොම පැහැදිලිව අපි ඒක ප්‍රකාශ කරන්නේ. නමුත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි කිසිසේත්ම ඒ ක්‍රියාත්මක වුණු මිලේච්ඡ ක්‍රියාව අපිට අනුමත කරන්නට බැහැ. එවන් මිලේච්ඡ ක්‍රියාවක් ක්‍රියාත්මක කරපු , රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරපු එවන් රජයක් එක්ක එකට වාඩි වෙනවයි කියන එක මම හිතන්නේ ඒ තරම් රාජ්‍ය ද්‍රෝහී , දේශද්‍රෝහී ක්‍රියාවක් නැහැ. 

අපි ශිෂ්ට සම්පන්න සමාජයක අපි ශිෂ්ට සම්පන්න ආකාරයට ප්‍රශස්තව අපි හැසිරෙන්නට ඕනි.  හැබැයි අපි අපේ යුතුකම් ඉෂ්ඨ කරනවා.  රට වෙනුවෙන් යුතුකම ඉෂ්ට කරනවා. රට වෙනුවෙන් උදව් කරනවා. ජනාධිපතිවරයා අපෙන් ඉල්ලුම් කරලා තිබෙනවා අලුතෙන් හුස්ම වැඩසටහනෙන් උදව් අවශ්‍යයි කියලා ඖෂධ පැත්තෙන්. උපකරණ පැත්තෙන්.  සෞඛ්‍ය ඇමැතිතුමාත් ඉන්නවා.  උපරිමයෙන් උදව් කරනවා.  සීමා මායිම් රහිත ව උදව් කරනවා. හැබැයි කරුණාකරලා කියන්න එපා මේ එකට වාඩි වෙන්න කියලා. එකට වාඩි වෙන්නේ නෑ. එකට වාඩි වෙලා අපි අපේ දේශපාලන චරිතය නිරුවත් කර ගන්නට සූදානම් නෑ.  

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,  විශේෂයෙන්ම  මම කියන්න කැමතියි  මේ මර්දනකාරී කෘෘරත්වය , මේ මුර්ග ක්‍රියාදාමය දියත් කරපු රජයත් එක්ක අපිට ගනුදෙනු නැහැ. හැබැයි ජනතාව ජීවත් කරවන ගනුදෙනුව අපි විපක්ෂයේ ඉඳගෙන වර්තමාන ජනාධිපතිවරයා හැමදාම අගය කරලා කතා කරන පාර්ලිමේන්තු කමිටු ක්‍රමවේදය හරහා අපිට දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපි ලබා දෙනවා. 

 දැන් මම,  මට අවස්ථාව ලබා දෙන්න පොඩ්ඩක්. ඔබතුමන්ලා ඉදිරිපත් කරපු කාරණා වලට උත්තර ලබා දෙන්න. අපේ සභානායකතුමා, ඩේවිඩ් ග්ලැට්සන් ගැන කතා කරා. ගරු මැතිතුමනි ඩේවිඩ් ග්ලැට්සන්ව යැව්වේ එයා අපේ පෝලිම් බූත් එකක් අස්සට ගිය  හින්දා.  එතකොට මේ වර්තමාන තත්ත්වය තුළ අපේ තානාපතිවරු ගියාද ඔය අරගලය භූමියට. තානාපතිවරු ගියේ නෑ අරගල භූමියට.  ඒගොල්ලොන්ගෙ අදහස් ටුවිට් හරහා ඉදිරිපත් කරා. හැබැයි එකක් මතක තබාගන්න. රණසිංහ ප්‍රේමදාස , ඩේවිඩ් ග්ලැට්සන්ව ගෙදර යැව්වයි කියලා  ලෝක බැංකුවෙන් ජනසවිය ට සල්ලි දෙන එක නතර වුණේ නැහැ. අද දවසේ මේ රජය කේන්ද්‍රකරගෙන  මේ ජාත්‍යන්තරය නියෝජනය කරන තානාපතිවරුන්ට ඔය එක එක වෙබ් සයිට් හරහා පහර පිට පහර ලබා දෙන කොට කරුණාකරලා මම කියන්න ඕනේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ම දන්නවා අද වගේ දවසක ජාත්‍යන්තරයේ තියෙන වැදගත්කම අපේ රට ගොඩ ගන්න. මම කියනවා මෝඩ තකතීරු ක්‍රියාවන් කරන්න එපා.  රාජ්‍ය ත්‍රන්තය ගැන පාඩමක් ඕන නම් අපි ටියුශන් ටිකක් දෙන්නම්. ඉගෙන ගන්න.  ඒ දේ කරන්න එපා. බොරුවට ඉල්ලන් කන්න එපා.  තමුන්නාන්සේලා ඉල්ලන් කන්නෙ නෑ. 134 ම හොඳට කයි.  මං කතා කරන්නේ ලක්ෂ 220 ගැන. කන්න වෙන්නේ. විඳින්න වෙන්නේ.  පීඩනයට අසහනයට ලක් වෙන්නේ ලක්ෂ 220. 134 නෙමෙයි.  ඒ නිසා ඒ කාරණාව පැහැදිලි කරමින් මම මතු කරන්න කැමතියි, ගරු අග්‍රාමාත්‍ය තුමනි, අද island පත්තරේ group of senior doctors calls for maximum අපේ ජේෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් 108 දෙනෙක් මොනවද කියන්නෙ අර මිලේච්ඡ ප්‍රහාරය ගැන unexpected rural attack. බලාපොරොත්තු නොවුණු මහා මිලේච්ඡ ප්‍රහාරයක්. Perhaps  for the first time.  මෙම තර්කයක් ඉදිරිපත් කළේ නෑ මෙච්චර  ප්‍රතිශතයක් කිව්වා කියල. මම කියන්නේ එකසිය අටක් කිව්වා කියල. ප්‍රතිශතය ගැන ප්‍රශ්නයක් නැහැ.  ඉන්න මේක හොදට අහගන්න සෞඛ්‍ය ඇමැතිතුමා. ඉතිහාසේ ප්‍රථම වතාවට ලු ගිලන් රථ වලට ප්‍රවේශ වන්නට ලබා ලබානොදුන්යි කියන කාරණාව. මම නෙමෙයි කියන්නේ. මේ ඩොක්ටර්ස්ලා කියන්නේ. මේ ප්‍රවීන දොස්තරලා. ඒගොල්ලො බය නැහැ.මේ නම් ලයිස්තුවක් දාලා තියෙනවා.  මාරු කරන්න යන්න එපා දොස්තරල ව. පලිගන්න යන්න එපා.  මං දන්නෙ නෑ මේ ගොල්ලොන්ට ඉතින් ඕනි දෙයක් කරන්න පුළුවන්නේ. ඒගොල්ලො එක එක ඒවා හදලා කරයි. අනෙක් බරපතළ කාරණාව හොදට අහගන්න , රතුකුරුසයත්  බොහොම පුදුමයට කාරණාවක් ඒ වෙනකොට  අයින් වෙලා.  ඒ වගේම ඒගොල්ලෝ කියනවා . මේ වෛද්‍යවරු කියනවා මේ සමාන emergency තත්ත්වය  මේ හදිසි තත්ත්වය ලොකු හැඟීමක් ඇති කරනවා අනාරක්ෂිත බවට ඒ වගේම , සැකයට තුඩු දෙන කාරණාවක් කියන ඒ කාරණාව. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ගරු සුසිල් ප්‍රේම ජයන්ත එතුමා ඔබතුමා තාම අධ්‍යාපන ඇමතිතුමා නේද?  ළමයින්ට පාසල් යන්න ප්‍රවාහන පහසුකම් නෑ. ඉස්කෝලේ ටික ඇරලා.  ගුරුවරුන්ටත් ඒ පහසුකම් නැහැ. කරුණාකරලා පාසල් ඇරියා වගේම ඒකට පහසුකම් සපයන්න.  අපි ඔබතුමන්ලා ත් එක්ක එකතු වෙලා සක්වල  සටහන තුළින් පාසල් වල තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරන්නට අපේ උපරිම සහයෝගය අපි ලබා දෙනවා.  ඒ නිසා මම මේ අවස්ථාවේ අවසාන වශයෙන් කියන්න කැමතියි අපි සියලු දෙනාටම අවශ්‍ය වන්නේ ජනතා ගෞරවය,  ජනතා පිළිගැනීම, ජනතා විශ්වාසය, අපි මේවා පලුදු කර ගැනීමට කිසිසේත්ම සූදානම් නැහැ. සුසිල් ප්‍රේම ප්‍රේම ජයන්ත මැතිතුමාට මම සමච්චල් කරනවා නෙමෙයි. අද ඔබතුමාගේ කටින් කියවුනා ඇතුලත්මුදලි කියන නම.  එහෙම කියලා ඔබතුමා කිව්වා ඇතුලත්මුදලි ව මැරුවේ ත්‍රස්තවාදීන් කියලා.  හැබැයි මොකක්ද කිව්වේ,  කොබ්බෑකඩුව මැරුවෙත් ප්‍රේමදාස.  විමලරත්න මැරුවෙත් ප්‍රේමදාස.  ඇතුලත්මුදලි මැරුවෙත් ප්‍රේමදාස. නෑ කිව්ව කට්ටිය ඔතන ඉන්නවා නේ. ඔබතුමා දන්නෙ නැත්නම් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් අහන්නකො.  ඒ නිසා මම එකක් කියන්නම්.  මේ ටොම් පච ගහන්න එපා මේ මිනිස්සු එක්ක සංවාදයේ නියැළෙන්නට. කවදහරි බොරු ඔප්පු වෙනවා. දැන් මෙතන බොරුව ඔප්පු වුණේ තමන්ගෙ ම කටින්.  ඇතුලත්මුදලි මැරුවායි, කොබ්බෑකඩුව මැරුවා යි ,  විමලරත්න මැරුවයි කියලා දැන් කියනවා ත්‍රස්තවාදීන් ලු මැරුවේ.  ඒ නිසා කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත. කවදා හෝ සත්‍ය ජයග්‍රහණය කරනවයි කියන එක ප්‍රකාශ කරමින් වැරදියට අර්ථකථනය කරන්න එපා මේ කතාව.  අපි සූදානම් විපක්ෂයේ ඉඳගෙන ඔය තනතුරු අරගෙන මිලේච්ඡ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරපු ආණ්ඩුව එක්ක වාඩි වෙන්න නෙමෙයි, අපි සූදානම් තනතුරු ඇතුවත් හෝ නැතුවත් පාර්ලිමේන්තු කමිටු ක්‍රමවේදය තුළ ඕනෙම වගකීමක් අරගෙන රට ගොඩ ගන්නත් ලක්ෂ 220 ගොඩ දාන්නත් අපි සූදානම් කියමින් මගේ කතාව අවසන් කරනවා.