සමූපකාර ජය දිගින් දිගටම සජබයට

නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පැවති ඡන්ද විමසීමේදී ප්‍රදේශික 38 න් 26ක ජයග්‍රහණය ලබා ගැනීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වරුණ ලියනගේ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සහය දැක්වූ කණ්ඩායමට හැකිවිය.

1977 න් පසු
වැඩිම ප්‍රාදේශික සංඛ්‍යාව සමගින් ජයග්‍රහණය ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

දිවංගත ගාමිණී අතුකෝරළ මැතිතුමාගෙන් පසුව නිවිතිගල ආසනයේ සමූපකාර ඡන්දය වැඩිම ප්‍රාදේශීක ප්‍රමාණයක් ඉක්මවා ජය ගැනීමට ලැබී ඇත.

වර්තමාන ආණ්ඩුවේ අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සියලු බලවේග පෙළගැසී ඇත.